දූෂණය මැඩලීම වෙනුවෙන් වූ දිගු කාලීන සටන සවිමත් කිරීමේ දී ළමා හා තරුණ පරපුර ඉලක්ක කරමින් සුපිලිපන් අධ්‍යාපනය ඉහළ නැංවීම අතිශය වැදගත් සාධක වන බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් හඳුනා ගෙන ඇත. මෙම මූලධර්මය අනුව යමින්, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ දූෂණ නිවාරණ අංශය විසින් 2024 ඔක්තෝම්බර් මස 03 වන දින සාගර විශ්වවිද්‍යාල අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩලය සඳහා වැඩසටහනක් පවත්වන ලදි.
සමුද්‍ර ආරක්ෂක ක්‍රමවේද හා සාගර පර්යේෂණ සම්බන්ධ අධ්‍යාපනය ලබා දෙන එක ම ආයතනය වන සාගර විශ්වවිද්‍යාලය විසින් මෙම වැඩසටහන සඳහා සත්කාරකත්වය සපයන ලදි. එම ක්ෂේත්‍රයේ ගුණාත්මක වර්ධනයක් සඳහා සුපිලිපන්බව අතිශය තීරණාත්මක සාධකයක් වන බව එම වැඩසටහන තුලින් අවධාරණය කෙරුණි. සාගර විශ්වවිද්‍යාල අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩලය මෙන් ම සිසුන් ද මෙම වැඩමුළුව සඳහා සහභාගී විය.
දිනක් පුරා පැවති මෙම වැඩසටහනේ දී අධ්‍යයන හා අනධ්‍යයන ගැටළුවලට අදාල වැදගත් නිවාරණ සංකල්ප ආවරණය කෙරුණි. විශ්වවිද්‍යාලය නියෝජනය කරමින් සහභාගී වූ පිරිස අතර සාගර විශ්වවිද්‍යාලයේ ජලජීවී වගාව හා මුහුදු ආහාර තාක්ෂණ පිඨයේ පීඨාධිපති ආචාර්ය ඩබ්. ඒ. ඒ. ඩී. වික්‍රමසිංහ, වෙරළ හා සමුද්‍ර සම්පත් කලමණාකරණ අධ්‍යයන අංශයේ කතිකාචාර්ය ශාමලී රත්නශ්‍රී මෙනවිය ද වූහ.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභා නිවාරණ ඒකක නිලධාරීන් වන සම්පත් ආරච්චිගේ මහතා සහ ශිලාමේඝ වැලිතොටගේ මහතා වැඩමුළුව සඳහා සම්පත්දායකත්වය ලබා දුන්හ.
විවිධ ක්ෂේත්‍රයන් හී සිටින තරුණ වෘත්තිකයින්, විශේෂයෙන් සමුද්‍ර අධ්‍යයන හා සාගර පර්යේෂණයන් හී නියුතු වෘත්තිකයින් අල්ලස හා දූෂණය මැඩලීමේ වැදගත්කම සම්බන්ධයෙන් දැනුවත් කිරීම කොමිෂන් සභාව විසින් සිදු කරනු ලබන මෙම වැඩසටහනේ අරමුණ වේ.