බේරුවල ප්‍රදේශයේ සිවිල් පුද්ගලයෙකුට වසර පහක අත්හිට වූ සිර දඬුවම් හා දඩ නියම කිරීම

රු.25,000/-ක (විසිපන්දහස) මුදලක් අල්ලස් වශයෙන් බේරුවල පොලිස් ස්ථානාධිපතිට පිරිනැමීම සම්බන්ධව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් බේරුවල ප්‍රදේශයේ සිවිල් පුද්ගලයෙකුට එරෙහිව නඩු අංක HCB 208/2022 යටතේ ගොනු කළ නඩුවට අදාළව, අදාළ චූදිත විසින් වරද පිළිගැනීම මත 2024.07.19 වන දින කොළඹ මහාධිකරණ අංක 04හි ගරු විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මැතිතුමා විසින් දඬුවම් නියම කරන ලදි.

ඒ අනුව, අදාළ පුද්ගලයාට එරෙහිව ගොනුකරන ලද චෝදනා 02 සඳහා වසර 01 බැගින් බරපතල වැඩ සහිත සිර දඬුවම් නියමකර එය වසර 05කට අත්හිටුවා ඇති අතර, රු.10,000/-ක දඩ මුදලක් ද ගෙවීමට නියම කරන ලදි. රු.25,000ක අල්ලස් මුදල රාජසන්තක කර ඇත.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙනුවෙන් මෙම නඩුව සහකාර අධ්‍යක්ෂ ජනරාල් අනුරාධා සිරිවර්ධන මහත්මිය විසින් මෙහෙයවන ලදි.

නවතම පුවත්

හඳුනා ගැනීම් හා වැටලීම්

වරදකරු කිරීම්

ජාත්‍යන්තර සබඳතා

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

M+94 767011954

Search