තහනම් නියෝගය මාස 03කින් දීර්ඝ කිරීම - හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පවුලේ සාමාජිකයන්ගේ ස්ථාවර ගිණුම් හා ජීවිත රක්ෂණ ඔප්පු තහනම් කිරීම

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ බිරිඳ, දියණියන් තිදෙනා සහ එක් දියණියකගේ ස්වාමිපුරුෂයාගේ පෞද්ගලික බැංකුවකට අයත් රුපියල් මිලියන 97.125ක වටිනාකමින් යුත් ස්ථාවර තැන්පතු ගිණුම් සහ ජීවිත රක්ෂණ ඔප්පු සම්බන්ධයෙන් වූ සැක කටයුතු ගණුදෙනු හේතුවෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් ලබාදුන් තහනම් නියෝගය තහවුරු කර, එය 2024.10.04 වන දින දක්වා දීර්ඝ කිරීමට ගරු මහාධිකරණය විසින් කටයුුතු කරන ලදි.

ඒ අනුව, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ ඉල්ලීම පරිදි, කොළඹ මහාධිකරණ අංක 06 හි ගරු විනිසුරු මංජුල තිලකරත්න මැතිතුමන් විසින් මෙම තහනම් නියෝගය ලබාදුන් අතර, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් මේ සම්බන්ධ ඉදිරි විමර්ශන කටයුතු සිදු කරනු ලබයි.

නවතම පුවත්

හඳුනා ගැනීම් හා වැටලීම්

වරදකරු කිරීම්

ජාත්‍යන්තර සබඳතා

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

M+94 767011954

Search