හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පවුලේ සාමාජිකයන්ගේ ස්ථාවර තැන්පතු ගිණුම් හා ජීවිත රක්ෂණ ඔප්පු තහනම් කිරීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව කටයුතු කරනු ලබයි

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ බිරිඳ, දියණියන් තිදෙනා සහ එක් දියණියකගේ ස්වාමිපුරුෂයාගේ පෞද්ගලික බැංකුවකට අයත් රුපියල් මිලියන 93.125ක වටිනාකමින් යුත් ස්ථාවර තැන්පතු ගිණුම් සහ ජීවිත රක්ෂණ ඔප්පු සම්බන්ධයෙන් වූ සැක කටයුතු ගණුදෙනු හේතුවෙන් දින 07ක් සඳහා තහනම් නියෝගයක් නිකුත් කිරීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් 2024.06.27 වන දින කටයුතු කරන ලදි.

මේ සම්බන්ධයෙන් 2023 අංක 09 දරන දූෂණ විරෝධී පනතේ, 53 (1) වගන්තිය ප්‍රකාරව, මුදල් විශුද්ධිකරණ වරද යටතේ, ස්ථාවර තැන්පතු 16 ක් සහ රක්ෂණ ඔප්පු 03ක් තහනම් කිරීමට කොමිෂන් සභාව විසින් කටයුතු කරන ලදී. ඒ අනුව, මහාධිකරණයට වාර්තා කිරීමෙන් අනතුරුව තහනම් නියෝගය දීර්ඝ කරගැනීමට සහ ඉදිරි විමර්ශන කටයුතු සිදු කිරීමට නියමිතය.

නවතම පුවත්

හඳුනා ගැනීම් හා වැටලීම්

වරදකරු කිරීම්

ජාත්‍යන්තර සබඳතා

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

M+94 767011954

Search