රු.150,000 (එක්ලක්ෂ පනස්දහස) ක මුදලක් අල්ලස් වශයෙන්, අවිස්සාවේල්ල පොලිස් ස්ථානයේ, පොලිස් නිලධාරියෙකුට පිරිනැමීම සම්බන්ධව අවිස්සාවේල්ල ප්රදේශයේ සිවිල් පුද්ගලයෙකුට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් නඩු පැවරීමක් සිදු කර ඇත.
ඒ අනුව, නඩු අංක HCB 290/2024 යටතේ 2024.07.16 වන දින මෙම පුද්ගලයාට එරෙහිව කොළඹ මහාධිකරණයේ නඩු පවරා ඇත.