අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ෂණ කොමිශන් සභාව, අධ්‍යක්ෂ ජනරාල්, අධ්‍යක්ෂ විමර්ෂණ ඇතුළු තවත් නිලධාරීන් පහලොස් දෙනෙකු වග උත්තරකරුවන් කරමින් ගොනුකරතිබූ රිට් පෙත්සම 2023 නොවැම්බර් 29 වෙනිදින ගරු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් විභාගයට නොගෙනම නිෂ්ප්‍රභා කරයි.
මෙම රිට් පෙත්සම මෑතකදී මහත් ආන්දෝලනයකට ලක්වූ මිනි කූපර් රථයකට අනීතිකව ලියාපදිංචි සහතිකයක් නිකුත් කරමින් රජයට පාඩු සිද්දකිරීම සම්බන්ධ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ පරිගණක දත්ත පද්ධතියේ පරිශීලන කටයුතු සිද්ධ කළ නිලධාරීන්ට එරෙහිව සිදු කරනු ලැබූ විමර්ශනය වැළැක්වීම සඳහා ගොනු කර ඇත.
එම මිනි කූපර් රථය අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව භාරයට ගෙන ශ්‍රී ලංකා රේගුව වෙත නැවත භාරදී ඇත. මෙම සැකකරුවන්ට විරුද්ධව ඉදිරියේදී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ෂණ කොමිශන් සභාව විසින් අධිචෝදනා ගොනු කිරීමට නියමිතය.
මෙම නඩු විභාගය සඳහා නීතිපති වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ශානිල් කුලරත්න මහතාද අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ෂණ කොමිෂන් සභාව වෙනුවෙන් සහකාර අධ්‍යක්ෂ ( නීති ) අනූෂා සම්මන්දප්පෙරුම යන මහත්ම මහත්මීන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙනීසිට කරුණු ඉදිරිපත්කර තිබුණි.