වරාය අධිකාරියේ හිටපු සභාපතිගේ රිට් අයදුම්පත නඩු විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප වෙයි

අල්ලස් කොමිසමට එරෙහිව වරාය අධිකාරියේ හිටපු සභාපතිගේ රිට් අයදුම්පත ගරු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් විභාගයට නොගෙනම නිෂ්ප්‍රභා කරයි.

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ලෙස කටයුතු කල ප්‍රියත්ත බන්දු වික්‍රමමුණිගේ ,බහාලුම් මෙහෙයුම් උපකරණ ක්‍රියාකරු ලෙස කටයුතු කල ආර්.බී සංජය කුමාර යන අයට සහ කළමනාකරණ අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ ආර්.සී .ඩබ්.එම් නිහාල් කැප්පෙටිපොල යන අයට විරුද්ධව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ෂණ කොමිෂන් සභාව 2023/7/18 වන දින කොළඹ මහාධිකරණය හමුවේ අල්ලස් පනතේ 70 වන වගන්තිය යටතේ අධිචෝදනා ගොනුකර තිබුණි.

ඒ වර්ෂ 2015 දී පැවති ජනාධිපතිවරණයේදී ජනාධිපති අපේක්ෂක මහින්ද රාජපක්ෂ යන අයට මැතිවරණ ප්‍රචාරණ කටයුතු වෙනුවෙන් වරාය අධිකාරියේ සේවකයන් තුන්සිය දහ නව දෙනෙකු (319) රාජකාරියෙන් පරිභාහිරව ක්‍රියාවේ යොදවා ඔවුන්ට වරාය අධිකාරියේ මුදලින් වැටුප් සහ අතිකාල ගෙවා දූෂණය යන වරද සිදුකිරීම වෙනුවෙන්ය .

මෙහි පළමු චුදිත වන ප්‍රියත්ත බන්දු වික්‍රමමුණිගේ විසින් එකී අධිචෝදනා පත්‍රය අහෝසිකරමින් රිට් ආඥාවක් නිකුත්ත කරන ලෙසටත් , කරුණු විමසීම අවසන් වනතෙක් මහාධිකරණ නඩුව අත්හිටුවීමට අතුරු නියෝගයක් ලබා දෙන ලෙසටත් ඉල්ලමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ රිට් අයදුම්පතක් ගොනුකර තිබුණි.

SC/WRIT 20/23 යන එකී රිට් අයුම්පත 2024 ජූලි 19 වන දින ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාගයට ගනු ලැබූ අතර, වග උත්තතරකරු වන අල්ලස් කොමිෂන් සභාව විසින් එම රිට් අයුම්පතට එරෙහිව මූලික විරෝධතා දෙකක් ඉදිරිපත් කරන ලදී. ගරු ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අල්ලස් කොමිෂන් සභාව විසින් එසේ සැලකරන ලද මූලික විරෝධතා සලකා බලමින් පෙත්සම් කරු වන ප්‍රියත් බන්දු වික්‍රමමුණිගේ විසින් ගොනු කරන ලද රිට් අයදුම් පත්‍රය 2024 ජූලි 19 වන දින විභාගයට නොගෙනම නිෂ්ප්‍රභා කර ඇත.

ගරු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන පී. පද්මන් සූරසේන, අචල වෙන්ගප්පුලි සහ මහින්ද සමයවර්ධන යන විනිසුරුවරුන්ද විසින් මෙම තීන්දුව ලබා දී තිබුණි. පෙත්තසම්කරු වෙනුවෙන් ජනාධිපි නීතීඥ කාලිංග ඉන්ගතිස්ස මහතා ද අල්ලස් කොමිෂන් සභාව වෙනුවෙන් සහකාර අධ්‍යක්ෂ (නීති) අනුෂා සම්මන්දප්පෙරුම , නීිති සහකාර ශාරනයා ජෙයරාජා යන මහත්මීන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙනී සිට කරුණු ඉදිරිපත් කර තිබුණි .

නවතම පුවත්

හඳුනා ගැනීම් හා වැටලීම්

වරදකරු කිරීම්

ජාත්‍යන්තර සබඳතා

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

M+94 767011954

Search