වත්කම් සහ බැරකම් ප්‍රකාශ සඳහා ජනතා ප්‍රවේශය ලබාදීම

2023 අංක 9 දරන දූෂණ විරෝධී පනතේ විධිවිධාන ප්‍රකාරව 2023/2024 වර්ෂයේ වත්කම් සහ බැරකම් ප්‍රකාශ කිරීමට නියමිත නිලධාරීන් ඇතුළු පුද්ගලයන්ගේ වත්කම් සහ බැරකම් ප්‍රකාශ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිල වෙබ් අඩවිය මඟින් ප්‍රසිද්ධ කිරීමේ කටයුතු මේවන විට ආරම්භ කර ඇත.

මෙලෙස ප්‍රසිද්ධ කිරීමේ දී රජයේ ධූරාවලි ලැයිස්තුව මෙන්ම අදාළ පුද්ගලයන්ගේ වත්කම් සහ බැරකම් ප්‍රකාශ කොමිෂන් සභාවට ලැබෙන පිළිවෙල අනුව ද වෙබ් අඩවියේ ඇතුලත් කරනු ලැබේ.

එමෙන්ම, එම වත්කම් සහ බැරකම් ප්‍රකාශ වෙබ් අඩවියට ඇතුලත් කිරීමේ දී දූෂණ විරෝධී පනතේ 88 (1) උපවගන්තියෙහි (අ) - (ඉ) දක්වා වන තොරතුරු ඇතුලත් නොකළ යුතු බව පනතෙහි සඳහන් වන බැවින් එම ප්‍රතිපාදනයන්ට යටත්ව වත්කම් සහ බැරකම් ප්‍රකාශවල සංස්කරණය කරන ලද පිටපත් උඩුගත (upload) කර ඇත.

මෙම වත්කම් හා බැරකම් ප්‍රකාශ සඳහා https://ads.ciaboc.lk/ මඟින් ප්‍රවේශ විය හැකි අතර, අදාළ තොරතුරු අවභාවිතා නොකරනු ඇතැයි කොමිෂන් සභාව මහජනතාවගෙන් බලාපොරොත්තු වේ.

නවතම පුවත්

හඳුනා ගැනීම් හා වැටලීම්

වරදකරු කිරීම්

ජාත්‍යන්තර සබඳතා

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

M+94 767011954

Search