හිඟුරක්ගොඩ හිටපු ප්‍රාදේශීය ලේකම්ගේ අභියාචනය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කරයි

හිඟුරක්ගොඩ ප්‍රාදේශීය ලේකම්වරයෙක් ලෙස කටයුතු කළ වඩුමේස්ත්‍රිගේ ගුණවර්ධන යන අය රජයට පාඩුවෙන ලෙස රජයේ ටෙන්ඩර් මාර්ගෝපදේශවලට පටහැනිව පරිගණක යන්ත්‍රයක් සහ වර්ණ මුද්‍රණ යන්ත්‍රයක් මිලදීගැනීමට තීරණය කිරීමෙන් සහ ඒ සඳහා මුදල් ප්‍රතිපාදන මුදාහැරීමෙන් අල්ලස් පනතේ 70 වෙනි වගන්තිය යටතේ වරදක් කරණ ලද බවට ඔහුට එරෙහිව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ෂණ කොමිෂන් සභාව විසින් 2010 මාර්තු 25 වන දින කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේදී චෝදනා ගොණු කරණ ලදී.

කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් මෙම චූදිත එකී චෝදනාවට වරදකරු කරණ ලද අතර එම තීන්දුවට එරෙහිව චූදිත විසින් කොළඹ මහාධිකරණයේ අභියාචන නඩුවක් ගොනු කරණ ලදී. එම අභියාචනයද ප්‍රතික්ෂේපවීමෙන් වරදකරු ලෙස ස්ථීර වූ ඉහත සඳහන් චුදිත ගරු ශ්‍රේෂ්ඨාධිකරණය වෙත නැවත අභියාචනයක් ඉදිරිපත් කිරීමෙන් පසු කරුණු සලකා බැලු ගරු ශ්‍රේෂ්ඨාධිකරණය එම අභියාචනා අයදුම්පත විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කිරීමට තීරණය කරණ ලදී .

මෙම නඩු තීන්දුව ගරු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් 2024.07.26 දින ලබා දී ඇති අතර නඩු විභාගයේදී අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ෂණ කොමිෂන් සභාව වෙනුවෙන් රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතීඥ උදාර කරුණාතිලක සහ සහකාර අධ්‍යක්ෂ ජනරාල් අනුරාධා සිරිවර්ධන යන මහත්ම මහත්මීන් පෙනී සිට ඇත.

නවතම පුවත්

හඳුනා ගැනීම් හා වැටලීම්

වරදකරු කිරීම්

ජාත්‍යන්තර සබඳතා

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

M+94 767011954

Search