“දූෂණ විරෝධී ජාතික ක්‍රියාකාරී සැලැස්ම, 2025-2029” අදහස් හා යෝජනා ලබා ගැනීමේ මූලික අදියර දියත් කෙරේ”

ශ්‍රී ලංකාව තුළින් අල්ලස හා දූෂණය වැළැක්වීම සඳහා වන “දුෂණ විරෝධී ජාතික ක්‍රියාකාරී සැලැස්ම, 2025-2029” සඳහා අදහස් හා යෝජනා ලබා ගැනීම මේ වන විටත් ආරම්භ කර ඇත.

මේ දක්වා ශ්‍රී ලංකාව තුළින් අල්ලස හා දූෂණය තුරන් කිරීම සඳහා වූ ජාතික ක්‍රියාකාරී සැලැස්මෙහි කාලය 2025 දෙසැම්බර් මස අවසන් වීමට නියමිත බැවින් එම සැලැස්ම සමාලෝචනය කර නව ජාතික ක්‍රියාකාරී සැලැස්ම සකස් කිරීමට කටයුතු කර ඇත. දූෂණ විරෝධි ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීම හා නියාමනය කිරීම ඇතුළුව ශ්‍රී ලංකාවෙන් අල්ලස හා දූෂණය වැළැක්වීමේ යාන්ත්‍රණය ශක්තිමත් කිරීම සඳහා 2023 අංක 9 දරන දූෂණ විරෝධී පනත මගින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත බලතල පැවරී ඇත.එකී බලතල ප්‍රකාරව සහ කැබිනට් මණ්ඩල අනුමැතිය ලත් දූෂණ විරෝධය පිළිබද ජාතික න්‍යාය පත්‍රයේ සඳහන් පරිදි “දුෂණ විරෝධී ජාතික ක්‍රියාකාරී සැලැස්ම, 2025-2029” සකස් කිරීම කල යුතු බවත් ඒ සඳහා ජනතා අදහස් කැඳවීම කල යුතු බවටත් කොමිෂන් සභාව තීරණය කර ඇත.

ශ්‍රී ලංකාව තුළ අල්ලස හා දූෂණය තුරන් කිරීම සඳහා වූ “දූෂණ විරෝධී ජාතික ක්‍රියාකාරී සැලැස්ම, 2025-2029” සකස් කිරීම සඳහා රාජ්‍ය අංශය, පුද්ගලික අංශය, සිවිල් සංවිධාන, ජනමාධ්‍ය , ප්‍රජාපාදක සංවිධාන, මහජන නියෝජිතයින් , තරුණයන් , දරුවන් , ආගමික සංවිධාන ඇතුළු සමස්ථ මහජනතාවගෙන් සැදුම්ලත් පළාත් මට්ටමින් හා ජාතික මට්ටමින් අදහස් සහ යෝජනා කැඳවීම සඳහා වූ වැඩසටහන් මාලාවක් පැවැත්වීමට අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් පියවර ගෙන ඇති අතර, එහි ආරම්භක වැඩසටහන අගෝස්තු මස 01 වන දින වයඹ පළාත කේන්ද්‍ර කරගනිමින් දියත් කරනු ලැබීය. තව ද, මධ්‍යම පළාත සහ උතුරු පළාත් තුළ ද වැඩමුළු මේ වන විට පවත්වා ඇති අතර, ඉදිරියේ දී දිවයිනේ සෙසු පළාත් ද ආවරණය වන පරිදි මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට කටයුතු සූදනම් කර ඇත.

0807

0807 1

0807 1

0807 1

0807 1

0807 1

0807 1

0807 1

0807 1

0807 1

0807 1

0807 1

0807 1

0807 1

0807 1

0807 1

0807 1

0807 1

0807 1

0807 1

0807 1

0807 1

0807 1

0807 1

0807 1

0807 1

0807 1

0807 1

0807 1

0807 1

0807 1

0807 1

0807 1

33 1

33 1

33 1

33 1

33 1

33 1

33 1

33 1

33 1

33 1

33 1

33 1

33 1

33 1

33 1

33 1

නවතම පුවත්

හඳුනා ගැනීම් හා වැටලීම්

වරදකරු කිරීම්

ජාත්‍යන්තර සබඳතා

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

M+94 767011954

Search