ශ්‍රී ලංකා රේගුවේ නිෂ්කාශනය නොවී ව්‍යාජ ක්‍රම මගින් ලියාපදිංචි වූ වාහන 07 ක් ශ්‍රී ලංකා රේගුව භාරයට ගැනීම සඳහා අධිකරණයෙන් නියෝග ලැබේ

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ රහසිගත හා බුද්ධි විමර්ශන ඒකකය වෙත ලද තොරතුරක් මත, කොමිෂන් සභාව විසින් කරුණු ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, ශ්‍රී ලංකා රේගුවේ නිෂ්කාශනය නොවූ ලෑන්ඩ් කෘෂර් රථ 05ක් සහ මිට්සුබිෂි මොන්ටේරෝ රථ 02ක් රේගුව භාරයට ගැනීම සඳහා එම වාහනවල වර්තමාන හිමිකරුවන් 2024.08.13 වන දිනට පෙර අල්ලස් කොමිෂන් සභාව වෙත අදාළ රථ ඉදිරිපත් කිරීමටත්, එම රථවලට අය විය යුතු රේගු ගාස්තු අය කරගැනීම සඳහා ශ්‍රී ලංකා රේගුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට හෝ ඔහුගේ නියෝජිතයෙකු වෙත එම රථ භාර ගැනීමට 2024.08.23 දින කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටින ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා විසින් 2024.08.06 වන දින නියෝග නිකුත් කර ඇත.

ඉහත සඳහන් සුඛෝපභෝගී ජිප් රථ 07 මගින් දල වශයෙන් රජයට රුපියල් මිලියන 300ට අධික බදු අහිමිවීමක් සිදුව ඇති අතර, මේ සඳහා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙනුවෙන් සහකාර අධ්‍යක්ෂ නීති අනූෂා සම්මන්දප්පෙරුම මහත්මිය විසින් කරුණු මෙහෙයවන ලදි.

ඒ අනුව, අදාළ අධිකරණ නියෝග 2024.08.23 වන දින ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇත.

නවතම පුවත්

හඳුනා ගැනීම් හා වැටලීම්

වරදකරු කිරීම්

ජාත්‍යන්තර සබඳතා

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

M+94 767011954

Search