අයථා ලෙස පුද්ගලික පරිහරණයේ තබාගෙන සිටින රජයේ නිශ්චල හා චංචල දේපළ යළි භාරදීම හා භාරගැනීම

පූර්වයෙන් රජයේ තනතුරු හෝ පදවි දරමින් සිටිය දී රජය මඟින් ලබාදුන් නිශ්චල හෝ චංචල දේපළ එම නිලතලවලින් ඉවත් වූ පසු නීත්‍යානුකූල නොවන ආකාරයට පරිහරණය කරන බවට වරින්වර අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණිලි ලැබෙමින් පවතී.

එලෙස නිශ්චල හෝ චංචල දේපළ තවදුරටත් නීත්‍යානුකූල නොවන ලෙසට පරිහරණය කරන අයවලුන් වේ නම්, අදාළ දේපළ නැවත කඩිනමින් ආපසු භාරදීම අදාල පුද්ගලයන්ගේ වගකීම වන බවත්, එම රජයේ දේපළ පිළිබඳ සොයා බලා ඒවා කඩිනමින් ආපසු භාර ගැනීමට අවශ්‍ය කටයුතු අදාළ වගකිවයුතු නිලධාරීන් විසින් සිදු කළ යුතු බවත් දන්වමින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්

  • අමාත්‍යාංශ ලේකම්වරුන්
  • පළාත් ප්‍රධාන ලේකම්වරුන්
  • පළාත් පාලන ආයතන ප්‍රධානීන්
  • දෙපාර්තමේන්තු ප්‍රධානීන් සහ දිස්ත්‍රික් ලේකම්වරුන්
  • රජයට අනුබද්ධ ව්‍යවස්ථාපිත ආයතන ප්‍රධානීන්

දැනුවත් කරමින් 2024.08.06 දිනැතිව ලිපියක් නිකුත් කර ඇත.

දූෂණ විරෝධී පනතේ 41 සහ 111 වගන්ති ප්‍රකාරව සහ එහි (අ) හා (ආ) උපලේඛන කෙරෙහි විශේෂ අවධානය යොමු කරවමින් මෙලෙස කිසියම් පුද්ගලයෙකු තවදුරටත් නිත්‍යානුකූලව අදාළ දේපළ රජය වෙත භාර දෙනු නොලැබීම නීතිය හමුවේ දඬුවම් ලැබිය හැකි වරදක් වන බව ද මෙමගින් දක්වා ඇති අතර, අදාළ ලිපියෙහි පිටපත් පහත දැක්වේ.

Download PDF

නවතම පුවත්

හඳුනා ගැනීම් හා වැටලීම්

වරදකරු කිරීම්

ජාත්‍යන්තර සබඳතා

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

M+94 767011954

Search