ජාතික රූපවාහිනී සංස්ථාවේ සභාපතිවරයෙකු සහ අධ්‍යක්ෂ ජනරාල්වරයෙකු නිදහස් වූ නඩුවට එරෙහිව අල්ලස් කොමිසම ගොනුකරන ලද ප්‍රතිශෝධන නඩුවට අභියාචනාධිකරණය විසින් වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කරයි

ජාතික රූපවාහිනී නාලිකාව, චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ මැද පෙරදිග සහ යුරෝපා රටවල විකාශනය කිරීම සඳහා ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය කිරීමෙන් තොරව සහ නීත්‍යනුකූල ගිවිසුමක් අත්සන් කිරීමකින් තොරව, ඉතාලියේ ක්‍රියාත්මකවන "නෝවා විෂන් සැටලයිට්" ආයතනය වෙත විකාශන කටයුතු කිරීම සඳහා ලබාදීම හේතුවෙන් රජයට රුපියල් 3,454,279.37 ක පාඩුවක් සිදුකරමින් දූෂණය වරද සිදුකිරීම සම්බන්ධයෙන් ජාතික රූපවාහිනී සංස්ථාවේ හිටපු සභාපතිවරයෙකු වූ විමලසේන රූබසිංහ සහ හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරයෙකු වන දෙල්වක්කඩ ලියනගේ චන්ද්‍රපාල යන පුද්ගලයින්ට එරෙහිව වර්ෂ 2022 දී අල්ලස් කොමිෂන් සභාව විසින් නඩු පවරන ලදී.

ඉහත සඳහන් නඩුවේ දී වගඋත්තරකරුවන් වෙනුවෙන් ඉදිරිපත් කරන ලද මූලික විරෝධතාවයක් සලකා බලමින් කොළඹ මහාධිකරණය විසින් 2024.01.05 වන දින වගඋත්තරකරුවන් නිදහස් කරන ලදි.

එකී මහාධිකරණ නියෝගය අභියෝගයට ලක්කරමින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් 2024.08.05 වන දින ප්‍රතිශෝධන නඩුවක් ගොණුකරන ලදි. මෙම ප්‍රතිශෝධන නඩුව 2024.08.07 වන දින ගරු අභියාචනාධිකරණය විසින් කරුණු විමසීමට ගනුලැබූ අතර, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් ඉදිරිපත් කරනු ලැබූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව, වගඋත්තරකරුවන්හට අභියාචනාධිකරණය විසින් නොතීසි නිකුත් කිරීමට තීරණය කරන ලදී. සහකාර අධ්‍යක්ෂ නීති අනුෂා සම්මන්දප්පෙරුම, නීති සහකාර ගයා රාජපක්ෂ යන නිලධාරින් අල්ලස් කොමිෂන් සභාව වෙනුවෙන් අභියාචනාධිකරණය හමුවේ පෙනී සිටින ලදී.

නවතම පුවත්

හඳුනා ගැනීම් හා වැටලීම්

වරදකරු කිරීම්

ජාත්‍යන්තර සබඳතා

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

M+94 767011954

Search