ඛනිජ තෙල් නීතිගත සංස්‌ථාවේ රැකියාවක් ලබාදෙන බවට පවසා අල්ලස් ඉල්ලා ලබාගත් සිවිල් පුද්ගලයෙකුට දඬුවම් නියම කෙරේ

ඛනිජ තෙල් නීතිගත සංස්‌ථාවේ රැකියාවක් ලබාදෙන බවට පවසා රුපියල් ලක්ෂ හතක් අල්ලස් වශයෙන් ඉල්ලා අවස්ථා දෙකකදී ඉන් ලක්ෂ තුන බැගින් මුදල් ලබාගැනීමේ අධිචෝදනාවන්ට නිලන්ත එරික් පෙරේරා යන අයෙකු වරදකරු කරමින් 2024.08.08 දින කොළඹ මහාධිකරණ විනිසුරු ගරු ආධිත්‍ය පටබැඳිගේ මැතිතුමා විසින් දඩමුදල් සමග චූදිතට බරපතල වැඩ සහිතව සිර දඬුවම් නියම කර ඇත.

ඒ අනුව එක් අධිචෝදනාවක් සඳහා වසර පහ බැගින් දඬුවම් නියම කර ඇති අතර, චූදිත දඩ මුදල් නොගෙවන්නේනම්, අමතර වසරක කාලයක් බැගින් බරපතල වැඩ සහිතව සිර දඬුවම් නියමකර ඇත. මෙම දඩයට අමතරව වරදකරු කරන ලද තැනැත්තාට පාර්ලිමේන්තු මැතිවරණයක දී හෝ පළාත් පාලන ආයතන ඡන්ද විමසීමක දී ඡන්දයකට ඉදිරිපත් වීමට හෝ ඡන්ද හිමියෙකු ලෙස ලියාපදිංචි වීමට හෝ ඡන්ද විමසීමකදී ඡන්දය දීමට හෝ නොහැකි බව අල්ලස් පනතේ 29 වෙනි වගන්තියේ ප්‍රතිපාදන ප්‍රකාරව මැතිවරණ කොමිසමට දැනුම් දෙන ලෙසට ද මහාධිකරණ විනිසුරුතුමා විසින් නියෝග කරන ලදී. එසේම මහාධිකරණ විනිසුරුතුමා චූදිතට විවෘත වරෙන්තු නිකුත් කරමින් ශ්‍රී ලංකාවට ඇතුළුවන හෝ ශ්‍රී ලංකාවෙන් පිටවන අවස්ථාවේ දී අත්අඩංගුවට ගන්නා ලෙසට ආගමන විගමන පාලක ජනරාල්වරයාට නියෝග කර ඇත.

මෙම නඩුව අල්ලස් පනතේ 20 වෙනි වගන්තියේ (ආ) ( IV) යටතේ ආණ්ඩුවේ යම් දෙපාර්තමේන්තුවක ,කාර්යාලයක හෝ ආයතනයක යම් රක්ෂාවක් යම් තැනැත්තෙකුට ලබා දීම හෝ ලබාගැනීමට ආධාර කිරීමට අල්ලස් මුදලක් ඉල්ලා ලබාගැනීමේ අධිචෝදනාව ගොනුකර තිබුණි .

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ සහකාර අධ්‍යක්ෂ (නීති) අමා විජේසිංහ මහත්මිය විසින් මෙහි පැමිණිල්ල මෙහෙයවන ලදී.

නවතම පුවත්

හඳුනා ගැනීම් හා වැටලීම්

වරදකරු කිරීම්

ජාත්‍යන්තර සබඳතා

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

M+94 767011954

Search