අධිකරණ නියෝග මත ශ්‍රී ලංකා රේගුවේ නිෂ්කාශනය නොවී ව්‍යාජ ක්‍රම මගින් ලියාපදිංචි වූ වාහන දෙකක් අල්ලස් කොමිසම භාරයට

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ රහසිගත හා බුද්ධි විමර්ශන ඒකකය වෙත ලද තොරතුරක් මත, කොමිෂන් සභාව විසින් කරුණු ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, ශ්‍රී ලංකා රේගුවේ නිෂ්කාශනය නොවූ රථ 07ක් රේගුව භාරයට ගැනීම සඳහා එම වාහනවල වර්තමාන හිමිකරුවන් 2024.08.13 වන දිනට පෙර අල්ලස් කොමිෂන් සභාව වෙත අදාළ රථ ඉදිරිපත් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා විසින් 2024.08.06 වන දින නියෝග නිකුත් කර ඇත.

ඒ අනුව, 2024.08.12 වන දින එකී නියෝගය ප්‍රකාරව, ලෑන් කෲෂර් වර්ගයේ ජීප් රථයක් සහ පැජරෝ වර්ගයේ ජීප් රථයක් අදාළ හිමිකරුවන් විසින් රහසිගත හා බුද්ධි විමර්ශන ඒකකය වෙත භාර දී ඇත.

ඉහත වාහන ඉදිරි විමර්ශන කටයුතු සිදු කිරීමෙන් පසුව 2024.08.23 දින කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

WhatsApp Image 2024 08 13 at 20.06.25 f5047df6

WhatsApp Image 2024 08 13 at 20.06.25 f5047df6

නවතම පුවත්

හඳුනා ගැනීම් හා වැටලීම්

වරදකරු කිරීම්

ජාත්‍යන්තර සබඳතා

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

M+94 767011954

Search