මැතිවරණ අපේක්ෂකයන්ගේ වත්කම් හා බැරකම් ප්‍රකාශ සඳහා ජනතා ප්‍රවේශය ලබා දීම

දූෂණ විරෝධී පනතේ 89 වන වගන්තිය පරිදි සියලු ම මැතිවරණ අපේක්ෂකයන් තම නාමයෝජනාපත්‍ර භාර දෙන අවස්ථාවේ දී තමන්ගේ වත්කම් හා බැරකම් ප්‍රකාශයන් ද මැතිවරණ කොමසාරිස්වරයා වෙත භාරදිය යුතු වේ. මෙහි දි පනතේ 82 (2) ව්‍යතිරේඛය ප්‍රකාරව, ඡන්ද විමසීමේ දිනය ප්‍රකාශ කරනු ලබන දිනය දක්වා, අදාළ වර්ෂය සඳහා වූ වත්කම් හා බැරකම් ප්‍රකාශ සිදු කළ යුතු වේ.

ඒ අනුව, එළඹෙන ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා භාර දීමට නියමිත 2024 අගෝස්තු මස 15 වන දින අපේක්ෂකයින් විසින් නාමයෝජනා පත්‍ර සමඟ තමන්ගේ වත්කම් හා බැරකම් ප්‍රකාශ ද මැතිවරණ කොමිෂන් සභාව වෙත භාර දීමෙන් අනතුරුව, අදාළ ප්‍රකාශ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත භාර ගැනීමට කටයුතු කරනු ලැබේ.

අදාළ වත්කම් හා බැරකම් ප්‍රකාශවල සංස්කරණය කරන ලද පිටපත් (දූෂණ විරෝධී පනතේ 88 (1) උපවගන්තියට අනුව, අදාළ ප්‍රකාශවල හෙළි නොකළ යුතු බවට දක්වා ඇති තොරතුරු හැර අනෙකුත් තොරතුරු සහිතව) කොමිෂන් සභාවේ නිල වෙබ් අඩවිය මගින් ප්‍රසිද්ධ කිරීමට කටයුතු කරනු ලබන බව කොමිෂන් සභාව දන්වා සිටියි.

නවතම පුවත්

හඳුනා ගැනීම් හා වැටලීම්

වරදකරු කිරීම්

ජාත්‍යන්තර සබඳතා

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

M+94 767011954

Search