රුපියල් 30,000,000/= ක (ලක්ෂ තුන්සියයක) මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා ලබාගත්, දේශපාලන පක්ෂයක, පක්ෂ සාමාජිකයන් සහ සිවිල් තැනැත්තන් ඇතුළු පුද්ගලයන් අට දෙනෙකු අල්ලස් චෝදනා මත අත්අඩංගුවට

කොළඹ 05 ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරික සහ මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ හිටපු සභාපතිවරයෙකු විසින් කරන ලද පැමිණිල්ලකට අනුව, 2024 ජනාධිපතිවරණයේ අපේක්ෂකයෙකු වශයෙන් එක්සත් ලංකා පොදුජන පක්ෂයෙන් ඉදිරිපත් වීමට අවස්ථාව සලසාදීම වෙනුවෙන් රුපියල් ලක්ෂ තුන්සියයක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා, ලබා ගැනීම හා ආධාර අනුබල ලබාදීමේ චෝදනාව මත එක්සත් ලංකා පොදුජන පක්ෂයේ සාමාජිකයන් සහ සිවිල් තැනැත්තන් ඇතුළු අට දෙනෙකු 2024.08.14 වන දින ප.ව 2.10ට පමණ වැලිකඩ ප්ලාසා ගොඩනැගිල්ලේ, දෙවෙනි මහලේ පිහිටි එක්සත් ලංකා පොදුජන පක්ෂයේ හිටපු ලේකම්ගේ කාර්යාලයේ දී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදි.

නවතම පුවත්

හඳුනා ගැනීම් හා වැටලීම්

වරදකරු කිරීම්

ජාත්‍යන්තර සබඳතා

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

M+94 767011954

Search