අල්ලස හා දූෂණය වැළැක්වීම අරමුණු කරගනිමින් ව්‍යවස්ථාපිත මණ්ඩල සාමාජිකයින් සහ නිලධාරීන් සඳහා පවත්වනු ලැබූ දැනුවත් කිරීමේ වැඩසටහන - 2024.06.15

ශ්‍රී ලංකාවෙන් අල්ලස් හා දූෂණය වැළැක්වීම සඳහා වන ජාතික ක්‍රියාකාරී සැලැස්ම ප්‍රකාරව ව්‍යවස්ථාපිත මණ්ඩල සාමාජිකයින් සහ නිලධාරීන්ගේ දැනුවත්භාවය වැඩිදියුණු කිරීම අරමුණු කරගනිමින් නිවාරණ වැඩසටහනක් 2024 ජූනි මස 15 වන දින කොළඹ, ටාජ් සමුද්‍රා හෝටලයේ දී පැවැත්වීය.

වැඩමුළුවේ පිළිගැනීම සහ අරමුණු පැහැදිලි කිරීම අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ ගරු කොමසාරිස් චේතිය ගුණසේකර මහතා විසින් සිදු කරන ලද අතර, ආරාධිත දේශනය "අල්ලස හා දූෂණය වැළැක්විය යුත්තේ ඇයි ? " යන මැයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ ගරු කොමසාරිස් කේ.බර්නාඩ් රාජපක්ෂ මහතා විසින් සිදුකරන ලදි.

අල්ලස හා දූෂණ නීතියේ නව නීති තත්ත්වයන්, රාජ්‍ය සේවකයෙකුගේ සුපිළිපන්නභාවය සහ බැඳියාවන් අතර ගැටුම් කළමණාකරණය, ආයතනික දූෂණ තත්ත්වයන් හඳුනා ගැනීම, පර්යේෂණ ක්‍රම , දූෂණ අවධානම් තක්සේරුව සහ දූෂණ තත්ත්වයන් හඳුනා ගැනීම, දූෂණය අවම කර කිරීම සහ වැළැක්වීම සඳහා සුපිළිපන්න නිලධාරියාගේ කාර්යභාරය සහ ධනාත්මක චින්තනය තුළින් සුපිළිපන්න රාජ්‍ය සේවයක් කරා යන තේමාවන් ඔස්සේ මෙම එක්දින වැඩමුළුවේ දේශනයන් පවත්වනු ලැබීය.

මෙම වැඩසටහන සඳහා සම්පත්දායකත්වය කැළණිය විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය තරිඳු ධනංජය වීරසිංහ මහතා , අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ සහකාර අධ්‍යක්ෂ ජනරාල් අනුත්තරා ජයසිංහ මහත්මිය, සහකාර අධ්‍යක්ෂ ජනරාල් තුෂාරි දයාරත්න මහත්මිය සහ සහකාර අධ්‍යක්ෂ ජනරාල් තනූජා බණ්ඩාර මෙනවිය විසින් ලබා දෙන ලදි.

එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන යුක්තිය සඳහා වූ සහය ව්‍යාපෘතිය (JURE) මගින් මෙම වැඩමුළුව සඳහා මූල්‍ය අනුග්‍රහය ලබාදුනි. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ දූෂණ නිවාරණ නිලධාරීන් වන ටී.එම්.නිපුනි කෝෂිලා තෙන්නකෝන් මෙනවිය, උදේශිකා මධුභාෂණී මහත්මිය සහ ෂම්මි ශ්‍රී ලාල් මහතා විසින් මෙම වැඩසටහන මෙහෙයවන ලදි.

41 1

41 1

41 1

41 1

41 1

41 1

41 1

41 1

41 1

41 1

41 1

41 1

41 1

41 1

41 1

41 1

41 1

41 1

41 1

41 1

41 1

41 1

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

M+94 767011954

Search