ශ්‍රී ලංකාවෙන්  අල්ලස හා දූෂණය වැළැක්වීම සඳහා වන  ජාතික ක්‍රියාකාරී සැලැස්ම ක්‍රියාත්මක කිරීම සඳහා සුපිලිපන්න නිලධාරීන් පුහුණු කිරීම  සඳහා වන එක් දින  පුහුණු වැඩමුළුව - දකුණු  පළාත 2024

අල්ලස් හෝ  දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව(CIABOC) සහ රාජය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශයේ  සහයෝගය ද ඇතිව . JURE ව්යාපෘතියේ අනුග්‍රහයෙන්, යුරෝපා සංගමයේ හා එක්සත් ජාතීන් ගේ සංවර්ධන වැඩසටහයෙහි මුල්‍යාධාර යටතේ “අල්ලසින් තොර සුපිළිපන් දේශයක් බිහි කරමු” මැයෙන් දකුණු පළාත කේන්ද්‍ර කරගනිමින් ශ්‍රී ලංකාවෙන් අල්ලස හා දූෂණ වැළැක්වීම සඳහා වන ජාතික ක්‍රියාකාරී සැලැස්ම ක්‍රියාත්මක කිරීම සඳහා සුපිලිපන්න නිලධාරීන් පුහුණු කිරීමේ එක දින පුහුණු වැඩමුළුව 2024 මැයි මස 18 දින හික්කඩුව සිට්‍රස් හෝටලයේදී අති සාර්ථක අන්දමින් පැවැත්විණි.

මෙම වැඩසටහන සඳහා ගාල්ල, මාතර හා හම්බන්තොට  දිස්ත්‍රික්කයන් හී ප්‍රාදේශීය ලේකම් කාර්යාල, ප්‍රාදේශීය  සභා, නගර සභා  සහ මහ නගර සභාවල මෙන්ම ආමාත්‍යාංශ හා දෙපාර්තමේන්තුවවල  සුපිලිපන්න නිලධාරීන් හා පහසුකම් සැපයීමේ නිලධාරීන් වශයෙන් පත්කල නිලධාරීන් 150දෙනෙකු සහභාගී වූහ.

ප්‍රථමයෙන්ම අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් M.Y.R.K. උඩවෙල මහත්මිය විසින් එදින පිලිගැනීම හා අරමුණු පැහැදිලි කිරීම සිදු කල අතර රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශයේ අතිරේක ලේකම් මහේෂ් ගම්මන්පිල මහතා, කැලණිය විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ  කතිකාචාර්ය තරිඳු ධනංජය වීරසිංහ මහතා හා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ සහකාර අධ්‍යක්ෂ ජනරාල් තනූජා බන්ඩාර මෙනවිය යන ප්‍රවීන සම්පත්දායක පිරිස විසින් අල්ලස හා දූෂණය පිටුදැකීම පිළිබඳ නීතිමය ප්‍රතිපාදන පිළිබඳවත්, රාජ්ය අංශයේ සුපිලිපන්නතාවය හා ස්ථාවරත්වය ශක්තිමත් කිරීමට අදාලවත්  හරවත් දේශනයන් පැවැත්වූහ.

43 1

43 1

43 1

43 1

43 1

43 1

43 1

43 1

43 1

43 1

43 1

43 1

43 1

43 1

43 1

43 1

43 1

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

M+94 767011954

Search