“පාසල් තුළ සුපිළිපන්න සමාජ පිහිටු වීමේ වැඩසටහන - 2024” මොණරාගල දිස්ත්‍රික්කය

අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව(CIABOC) සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) මගින් සංවිධානය කරනු ලබන “අල්ලසින් තොර සුපිළිපන් පරපුරක් බිහි කරමු” මැයෙන් “පාසල් තුළ සුපිළිපන්න සමාජ පිහිටු වීමේ වැඩසටහනක්” 2024 ජුනි 12 වන දින මොණරාගල කැන්වෙල් හෝටලයේදී පැවැත්විණි.

මේ සදහා මොණරාගල දිස්ත්‍රික්කයේ නියෝජ්‍ය කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂතුමන් හා මොණරාගල දිස්ත්‍රික්කයේ මහානාම මාධ්‍ය මහා විද්‍යාලය, රාජකීය ජාතික පාසල, විද්‍යාලෝක මහා විද්‍යාලය, හුලන්දාව දකුණ මහා විද්‍යාලය, මදුරුකැටිය මහා විද්‍යාලය නියෝජනය කරමින් සිසුසිසුවියන් හා ගුරු භවතුන් 265ස් දෙනෙකු සහභාගී විය.

මෙහිදී සුපිළිපන්නභාවය වර්ධනය කිරීම සහ එහි ප්‍රායෝගික භාවිතය, ජාතික සුපිළිපන් සැලැස්ම, සුපිළිපන්න කමිටු පිහිටුවීම පිලිබඳ විග්‍රහයක් සිදු කිරීම සහ හැකියා ප්‍රදර්ශනය ඔප් නැංවීම මගින් දරුවන්ගේ සුපිළිපන්භාවය වර්ධනය සහ අදාළ සංකල්ප කා වැද්දවීම යන අරමුණු මූලික කොට ගනිමින් එදින පුරා මෙම වැඩසටහන පවත්වන ලදී.

අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂන් සභාවේ සහකාර අධ්‍යක්ෂ ජනරාල් දුෂ්මන්ති රාජපක්ෂ මහත්මියගේ මගපෙන්වීම යටතේ දූෂණ නිවාරණ නිලධාරී උදේශිකා ජයසේකර මහත්මිය, දූෂණ නිවාරණ නිලධාරී ශමිමි ශ්‍රීලාල් මහතා හා විමර්ශන නිලධාරි ඒ.කේ. අබේකෝන් මහතා විසින් සම්පත් දායකත්වය ලබා දුන් අතර තොරතුරු තාක්ෂණ සහය තොරතුරු තාක්ෂණ නිලධාරි පන්නිල මහතා විසින් ලබා දෙන ලදී.

40 1

40 1

40 1

40 1

40 1

40 1

40 1

40 1

40 1

40 1

40 1

40 1

40 1

40 1

40 1

40 1

40 1

40 1

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

M+94 767011954

Search