ඉබ්බාගමුව, දෙහෙල්ගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු විසින් සිදු කරන ලද පැමිණිල්ලකට අනුව, පැමිණිලිකරු විසින් USDT නැමැති විද්‍යුත් මුදල් ඒකකය මගින් මාර්ගගත ක්‍රමය ඔස්සේ සිදු කරන ලද මුදල් මිලට ගැනීමේ හා විකිණීමේ ව්‍යාපාර මගින් පුදගලයන් දෙදෙනෙකු සමග සිදු කරන ලද ගණුදෙණු තුනකට අදාළව වංචනික ලෙස වෙනත් ගිණුමකින් මුදල් හුවමාරු කිරීමට අදාළව කොළඹ අපරාධ කොට්ඨාසය මගින් සිදු කරන ලද විමර්ශන කටයුතු වල දී ඉහත ගිණුම් වලින් වංචනික ලෙස මුදල් මාරු කරන ලද පුද්ගලයින් දෙදෙනෙකු අත් අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කර ඇති බව පවසා, පැමිණිකරු ද අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් නොකර සිටීමට රුපියල් 454,200/=ක (හාරලක්ෂ පනස් හතරදහස් දෙසීයක) මුදලක් අවශ්‍ය බව පවසා එම මුදලින් රුපියල් 300,000/= ( ලක්ෂ තුනක) මුදලක් පළමුව ලබාගෙන, ඉතිරි රු.154,200/=ක (හාරලක්ෂ පනස් හතරදහස් දෙසීයක) මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාව මත කොළඹ අපරාධ කොට්ඨාසයේ පොලිස් පරීක්ෂකවරයෙකු සහ පොලිස් කොස්තාපල්වරයෙකු 2024.07.05 වන දින පෙ.ව.11.30 ට සහ පෙ.ව.11.33ට පමණ කොළඹ අපරාධ කොට්ඨාසයේ (දෙමටගොඩ) විමර්ශන ඒකක අංක 07 තුළ දී , අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදි.
නවතම පුවත්
වත්කම් හා බැරකම් ප්‍රකාශ කිරීම
මැයි 23 2025
හඳුනා ගැනීම් හා වැටලීම්
යාපනය සහ කින්යා යන ප්‍රදේශයන්හි සිදු කරන ලද වැටලීම්වල දී ග්‍රාම නිලධාරිවරයෙකු සහ පොලිස් සැරයන්වරයෙකු අත්අඩංගුවට
මැයි 31 2025
යාපනය සහ කින්යා යන ප්‍රදේශයන්හි සිදු කරන ලද වැටලීම්වල දී ග්‍රාම නිලධාරිවරයෙකු සහ පොලිස් සැරයන්වරයෙකු අත්අඩංගුවට
මැයි 31 2025