වත්තල, පල්ලියවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවකු විසින් කරන ලද පැමිණිල්ලකට අනුව, පැමිණිලිකරු විසින් ලබා දී ඇති අගරු චෙක්පත් 02කට අදාළව මහබාගේ පොලිස් ස්ථානයේ කර ඇති පැමිණිල්ල විභාග කර, එම අගරු චෙක්පත්වලට අදාළ ඉතිරි මුදල මාසික වාරික ලෙස ගෙවීමට ඉඩ සලසා දීමට හා පැමිණිලිකරු අධිකරණයට ඉදිරිපත් නොකර සිටීම සඳහා රු.25,000/=ක (විසිපන්දහසක) මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාව මත මහබාගේ පොලිස් ස්ථානයේ, පොලිස් පරීක්ෂකවරයෙකු 2024.07.03 වන දින ප.ව 02.13ට පමණ මහබාගේ පොලිසිය අසල වැලිසර ආර්ථික මධ්‍යස්ථානයට ගමන් කරන මාර්ගයේ අබාන්ස් ආයතනය ඉදිරිපිට දී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදි.
නවතම පුවත්
හඳුනා ගැනීම් හා වැටලීම්
දූෂණ චෝදනා සම්බන්ධව සිදුකෙරෙන විමර්ශනයකට අදාලව පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා අත්අඩංගුවට
මාර්තු 27 2025
රජයේ රැකියා ලබාදෙන බවට පවසා අල්ලස් ලබාගත් මධ්‍යම පළාත් සභාවේ හිටපු විපක්ෂ නායක දොන් හරින්ද්‍ර චානක අයිලප්පෙරුම මහතා අත්අඩංගුවට
මාර්තු 27 2025