රු.14000/- ක මුදලක් අල්ලස් ලෙස ලබා ගත් ඌව පළාත් නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්‍ෂ හා සැලසුම් නිලධාරි අල්ලස් දැලේ.

වැල්ලවාය හඳපානාගල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුගෙන් 1954 දුරකථන අංකයට ලද පැමිණිල්ලකට අනුව රු. 14000/- ක මුදලක් අල්ලස් ලෙස ලබා ගැනීමේ චෝදනාව මත ඌව පළාත් නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්‍ෂ සහ සැලසුම් නිලධාරියා 2020.10.15 වන දින බදුල්ල ඌව පළාත් නාගරික සංවර්ධන අධිකාරි කාර්යාලය තුලදී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරින් විසින් අත්අඩංගුවට ගනු ලැබින. පැමිණිලිකරුගේ ඉඩමේ සැලැස්ම වැල්ලවාය ප්‍රාදේශීය සභා කමිටු රැස්වීමේදී අනුමත කර ගැනීමට අවශ්‍ය නිර්දේශ සහ කමිටුවේදී සහය ලබා දීමට සැලසුම් නිලධාරියා විසින් අල්ලස් වශයෙන් රු. 14000/= ඉල්ලා නාගරික සංවර්ධන අධිකාරියේ ඌව පළාත් අධ්‍යක්‍ෂ වෙත ලබා ගැනීමට ඉඩ සලස්වා අධ්‍යක්‍ෂ විසින් මුදල් ලබා ගැනීමේදී සැකකරුවන් මෙලෙස අත්අඩංගුවට ගන්නා ලදී.

නවතම පුවත්

හඳුනා ගැනීම් හා වැටලීම්

වරදකරු කිරීම්

ජාත්‍යන්තර සබඳතා

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

M+94 767011954

Search