රු.150,000/- ක මුදලක් අල්ලස් ලෙස ලබා ගත් ඇඹිලිපිටිය ජනාධිපති විද්‍යාලයේ විදුහල්පතිනිය අල්ලස් දැලේ

ඇඹිලිපිටිය නව නගරයේ පදිංචි පුද්ගලයකුගෙන් කොමිෂන් සභාවේ 1954 දූරකථනයට කරන ලද පැමිණිල්ලකට අනුව රු. 150,000/- ක මුදලක් අල්ලස් ලෙස ලබා ගැනීමේ චෝදනාව මත ඇඹිලිපිටිය ජනාධිපති විද්‍යාලයේ විදුහල්පතිනිය 2020.12.02 වන දින එම විද්‍යාලයේ ක්‍රීඩාපිටිය අසලදී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරින් විසින් අත්අඩංගුවට ගනු ලැබින.

පැමිණිලිකරුගේ දෙවන දරුවා 2021 වර්ෂයේ පළමු ශ්‍රේණියට ඇතුලත් කිරීමට අවශ්‍ය කටයුතු කරදීමට රු. 150,000/= ක මුදලක් අල්ලස් ලෙස ඉල්ලා ලබා ගැනීමේදී සැකකාරිය මෙලෙස අත්අඩංගුවට ගන්නා ලදී.

නවතම පුවත්

හඳුනා ගැනීම් හා වැටලීම්

වරදකරු කිරීම්

ජාත්‍යන්තර සබඳතා

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

M+94 767011954

Search