ව්‍යපාරිකයෙකුගෙන් අල්ලස් ගත් මිනුම් සේවා හා උපක්‍රම පරික්‍ෂකවරිය අල්ලස් දැලේ

බලංගොඩ ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු විසින් කරන ලද පැමිණිල්ලකට අනුව අල්ලස් ඉල්ලීමේ හා ලබාගැනීමේ චෝදනාව මත මිනුම් ඒකක ප්‍රමිති හා ‍සේවා දෙපාර්තමේන්තුවේ රත්නපුර කාර්යාලයේ මිනුම් සේවා හා උපක්‍රම පරික්‍ෂකවරියක් 2020.12.11 වන දින අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබින.

බලංගොඩ ව්‍යාපාරික ප්‍රජාවගේ අළුත්වැඩියා කර නිසි ලෙස සකස් කරන ලද විද්‍යුත් තරාදි 42ක් පරික්ෂා කර නිසිලෙස සේවා කටයුතු කර ඇති බවටත් ඉදිරියටත් ඔහුගේ සේවා නිසි ලෙස කරගෙන යාම සදහා අවශ්‍ය සහය ලබාදීමටත් නීත්‍යානුකූල මුදලට අමතරව එක් තරාදියක් සදහා රුපියල් 300/= බැගින් තරාදි 42 සදහා අල්ලස් වශයෙන් රුපියල් 12600/=ක මුදලක් ඉල්ලා ලබාගන්නා අවස්ථාවේදී බලංගොඩ ප්‍රධාන බස්නැවතුම්පල ඉදිරිපිට ප්‍රධාන මාර්ගයේදී මෙසේ අත් අඩංගුවට ගන්නා ලදි.

නවතම පුවත්

හඳුනා ගැනීම් හා වැටලීම්

වරදකරු කිරීම්

ජාත්‍යන්තර සබඳතා

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

M+94 767011954

Search