බස්රථ රියදුරෙකුගෙන් අල්ලස් ගත් සබරගමුව මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ කළමනාකරණ සහකාරවරයකු අල්ලස් දැලේ

ගොඩකවෙල ප්‍රදේශයේ බස්රථ රියදුරෙකු විසින් 1954 දුරකතනයට කරන ලද පැමිණිල්ලකට අනුව අල්ලස් ඉල්ලීමේ හා ලබාගැනීමේ චෝදනාව මත සබරගමුව මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ කළමනාකරණ සහකාරවරයකු 2020.12.14 වන දින අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබින.

පැමිනිලිකරු රියදුරු වශයෙන් සේවය කරන ඔහුගේ ඥාති සොහොයුරියකට අයත් බස් රථය සදහා මාර්ග බලපත්‍රයක් සකස් කර දීමට අල්ලස් වශයෙන් රුපියල් 250,000/=ක මුදලක් ඉල්ලා ඉන් පළමුව රුපියල් 100,000/=ක මුදලක් අල්ලස් වශයෙන් ලබාගන්නා අවස්ථාවේදී රත්නපුර අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව අසල වු බස්නැවතුම්පල තුලදී මෙසේ අත් අඩංගුවට ගන්නා ලදි.

නවතම පුවත්

හඳුනා ගැනීම් හා වැටලීම්

වරදකරු කිරීම්

ජාත්‍යන්තර සබඳතා

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

M+94 767011954

Search