රු. 29,000/- ක මුදලක් අල්ලස් ලෙස ලබා ගත් අනුරාධපුර නගර සභාවේ ගිනි නිවීමේ ඒකකයේ වැඩ බලන ස්ථානාභාර නිලධාරියා අත්අඩංගුවට

අනුරාධපුර, ගොඩගේ මාවත ප්‍රදේශයේ පදිංචිකරුවෙකුගෙන් ලද පැමිණිල්ලකට අනුව රු.29,000/- ක මුදලක් අල්ලස් ලෙස ලබා ගැනීමේ චෝදනාව මත අනුරාධපුර නගර සභාවේ ගිනි නිවන ඒකකයේ වැඩ බලන ස්ථාන භාර නිලධාරියා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරින් විසින් 2020.12.28 වන දින අත්අඩංගුවට ගනු ලැබින.

පැමිණිලිකරුගේ බිරිඳ නමින් අනුරාධපුර ප්‍රදේශයේ ගිනි නිවීමේ උපකරණ අළුත්වැඩියා කිරීමේ ආයතනයක් පවත්වාගෙන යනු ලබයි. අනුරාධපුර නගර බල ප්‍රදේශයේ පවතින ගිනි නිවීමේ උපකරණ අළුත්වැඩියා කරදීමේ කටයුතු කරදරයකින් තොරව කරගෙන යාම සඳහා හා අනුරාධපුර ප්‍රදේශයේ පිහිටි “මිරිදිය ලේක්” නැමැති හෝටලයේ වෙළඳ බලපත්‍රය ලබා ගැනීම සඳහා අළුත්වැඩියා කරන ලද ගිනි නිවීමේ උපකරණ වලට අදාල මුද්‍රාව තැබීම වෙනුවෙන් රු. 29,000/= ක මුදලක් අල්ලස් ලෙස ඉල්ලා ලබා ගැනීමේදී සැකකරු අනුරාධපුර නගරයේදී මෙලෙස අත්අඩංගුවට ගන්නා ලදී.

නවතම පුවත්

හඳුනා ගැනීම් හා වැටලීම්

වරදකරු කිරීම්

ජාත්‍යන්තර සබඳතා

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

M+94 767011954

Search