රු. 900/- ක මුදලක් අල්ලස් ලෙස ලබා ගත් මිනුම් ඒකක හා ප්‍රමිති හා සේවා දෙපාර්තමේන්තුවේ මිනුම් සේවා සහයක නිලධාරියකු අත්අඩංගුවට

තිස්සමහාරාමය කොහොඹගහ පැලැස්ස ප්‍රදේශයේ පදිංචිකරුවෙකු විසින් 1954 දුරකථනයෙන් කොමිෂන් සභාව වෙත කරන ලද පැමිණිල්ලකට අනුව රු.900/- ක මුදලක් අල්ලස් ලෙස ලබා ගැනීමේ චෝදනාව මත හම්බන්තොට පරිපාලන සංකීර්ණයේ මිනුම් ඒකක ප්‍රමිති හා සේවා දෙපාර්තමේන්තු කාර්යාලයට අනුයුක්ත මිනුම් ප්‍රමුඛ සේවා සහයක නිලධාරියෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරින් විසින් 2020.12.30 වන දින අත්අඩංගුවට ගනු ලැබින.

පැමිණිලිකරු විසින් සේවා සපයන හම්බන්තොට ප්‍රදේශයේ ව්‍යාපාරිකයන්ගේ තරාදි 05ක් පරික්‍ෂා කර ඒවා නිසිලෙස සකස් කර කාර්මික සේවා සපයා ඇති බව පවසා එම තරාදි මුද්‍රා තබා සත්‍යාපන සහතික ව්‍යාපාරිකයන්ට ලබා දී ඉදිරියේදී එම කටයුතු කරදරයකින් තොරව කරගෙන යාම සඳහා නීත්‍යානුකූලව පැමිණිලිකරු විසින් ලබා ගන්නා සේවා ගාස්තු මුදලින් 40% ක මුදලක් වන රු. 920/= ක මුදලක් ඉල්ලා ඉන් රු.900/= ක මුදල අල්ලස් ලෙස ඉල්ලා ලබා ගැනීමේදී සැකකරු මෙලෙස හම්බන්තොට පරිපාලන සංකීර්ණයේ මිනුම් ඒකක ප්‍රමිති හා සේවා දෙපාර්තමේන්තු කාර්යාලය තුලදී අත්අඩංගුවට ගන්නා ලදී.

නවතම පුවත්

හඳුනා ගැනීම් හා වැටලීම්

වරදකරු කිරීම්

ජාත්‍යන්තර සබඳතා

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

M+94 767011954

Search