රු. 150,000/- ක මුදලක් අල්ලස් ලෙස ලබා ගත් මහනුවර මහ නගර සභාවේ නාගරික මන්ත්‍රීවරු දෙදෙනෙකු අල්ලස් දැලේ.

මහනුවර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකුගෙන් ලද පැමිණිල්ලකට අනුව රු. 150,000/- ක මුදලක් අල්ලස් ලෙස ලබා ගැනීමේ චෝදනාව මත මහනුවර මහ නගර සභාවේ
නාගරික මන්ත්‍රීවරු දෙදෙනෙක් 2021.01.05 වන දින මහනුවර නගරයේ පිහිටි පුද්ගලික රෝහලක රථ ගාලක් තුලදී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරින් විසින් අත්අඩංගුවට ගනු ලැබින.

පැමිණිලිකරුට කටුගස්තොට පාලම අසල ඩිජිටල් පුළුල්තිර දැන්වීමක් සවිකිරීමට මහ නුවර මහ නගර සභාවෙන් මූලික අනුමැතිය ලැබී ඇති අතර, ඉතිරි රාජකාරි කටයුතු නගර සභාවේ නිලධාරින් ලවා කඩිනමින් ඉටුකරවා දීමට සැකකරුවන් දෙදෙනා රු.150,000/= ක මුදල අල්ලස් ලෙස ඉල්ලා ලබා ගැනීමේදී මෙලෙස අත්අඩංගුවට ගන්නා ලදී.

නවතම පුවත්

හඳුනා ගැනීම් හා වැටලීම්

වරදකරු කිරීම්

ජාත්‍යන්තර සබඳතා

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

M+94 767011954

Search