තිරප්පනේ ප්‍රදේශයේ පුද්ගලයෙකුගෙන් ලද පැමිණිල්ලකට අනුව රු. 35000/- ක මුදලක් අල්ලස් ලෙස ඉල්ලා ලබා ගැනීමේ චෝදනාව මත තිරප්පනේ බීට්ටු වන නිලධාරීවරයෙකු 2020.10.14 වන දින තිරප්පනේ ප්‍රදේශයේදී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරින් විසින් අත්අඩංගුවට ගනු ලැබිණි. පැමිණිලිකරු හට ජංගම ලී ඉරුම්හලක් ලියාපදිංචි කිරීමට අවශ්‍ය බීට්ටු වන නිලධාරීයාගේ සහතිකය නිකුත් කිරීමට රු. 35000/= ක මුදලක් අල්ලස් ලෙස ඉල්ලා ලබා ගැනීමේදී සැකකරු මෙලෙස අත්අඩංගුවට ගන්නා ලදී.