රුපියල් 190,000/- අල්ලස් වශයෙන් ඉල්ලා ලබා ගැනීමේ දී හලාවත කොට්ඨාශයේ සහකාර පොලිස් අධිකාරිවරයෙක් අත්අඩංගුවට ගෙන ඇත.
රුපියල් 190,000/- අල්ලස් වශයෙන් ඉල්ලා ලබා ගැනීමේ දී හලාවත කොට්ඨාශයේ සහකාර පොලිස් අධිකාරිවරයෙක් අත්අඩංගුවට ගෙන ඇත.
පැමිනිලිකරු ප්‍රසිද්ධ ස්ථානයක මත් පැන් පානය කල බවට චෝදනා කර, ඒ වෙනුවෙන් පැමිනිලිකරුට විරුද්ධව නඩු නොපවරා සිටිමට රු-2000/=ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා එම මුදල 2019.11.08 වන දින ලබා ගත් අවස්ථාවේදි ,අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශණ කොමිෂන් සභාවේ නිළධාරින් විසින් එකී නිලධාරියා අත් අඩංගුවට ගෙන ඇත.
මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවකට අදාලව තැන්පත් කර තිබූ රු.50,000/-ක ඇප මුදලක් යලි ලබා දීමට එම අධිකරණයේ ගිණුම් සහකාර ලෙස සේවය කළ සංවර්ධන නිලධාරීවරයෙකු විසින් රු.5,000/- ක මුදලක් අල්ලස් වශයෙන් අයැද ඉන් රු.4000/- ක මුදලක් ලබා ගන්නා අවස්ථාවේ දී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
රු.3000/- අල්ලසක් ගත් ත්රිකුණාමළය උප්පුවේලි පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ පොලිස් කොස්තාපල්වරයෙකු කොළඹ මහාධිකරණය විසින් වරදකරු කරනු ලැබීය. මෙහිදී ඉදිරිපත් කරනු ලැබූ චෝදනා දෙක වෙනුවෙන් කෙළඹ මහාධිකරණයේ ගරු විනිසුරු විකුම් කළුආරච්චි මහතා විසින් වසර 4ක බරපතල වැඩ සහිත සිර දඩුවම් නියම කරනු ලැබීය. එමෙන්ම රු.5,000/-ක දඩයක්ද (එක් වරදට රු.2,500/- බැගින්) පනවන ලදී. මීට අමතරව වරදකරු විසින් ලබාගත් අල්ලස් මුදල වෙනුවෙන් රු.3,000/-ක දණ්ඩනයක් ද පනවන ලදී.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ ජාතික ක්‍රියාකාරී සැලැස්ම යටතේ වන දැනුවත් කිරීමේ වැඩසටහනක් සැප්තැම්බර් 17 වන දින මහනුවර ප්‍රධාන ලේකම් කාර්යාලයේදී මධ්‍යම පලාත් අධ්‍යාපන නිලධාරින් වෙනුවෙන් සාර්ථකව පවත්වන ලදී. මේ සදහා අධ්‍යාපන අධ්යක්ෂවරු, විදුහල්පතිවරු හා රාජ්‍ය නිලධාරින් 320ක පමණ පිරිසක් සම්බන්ධ විය. මෙය පවත්වන ලද්දේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ සහකාර අධ්යක්ෂ (නීති) - ඩී.අයි. රාජපක්ෂ මිය, ප්‍රධාන පොලිස් පරික්ෂක සුමේන්ද්‍ර මහතා හා බලය ලත් විමර්ශන නිලධාරි හර්ෂ මදුශංක විසිනි. මධ්‍යම පලාතේ ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් මහතා හා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් සුනේත්‍රා ජයසිංහ මහත්මිය විසින් මෙම අවස්ථාවට සහභාගීවූවන් අමතන ලදී.
පැමිණිලිකාරියගේ විදේශගතව සිටින පුතාට රජයෙන් ලබාදෙනු ලබන සමෘද්ධි සහනාධාරය අවලංගු නොකොට එකී සමෘද්ධි සහනාධාර කාඩ්පත පැමිණිලිකාරියට ලබාදීම සඳහා රුපියල් 8,500/= ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා ලබාගත් අවස්ථාවේ කුච්චවේලි ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ, කාසිනගර් වසමේ සමෘද්ධි නිළධාරී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ බලයලත් විමර්ශන නිළධාරීන් විසින් 2019.10.09 වන දින අත් අඩංගුවට ගෙන ඇත.
පැමිණිලිකාරියගේ දරුවා 8 ශ්‍රේණියට ඇතුලත් කිරීමට අවශ්‍ය කටයුතු කර දීම සදහා රු. 10000/- ක මුදලක් අයැද ඉන් රු. 8000/- ක මුදලක් නීති විරෝධී තුටු පඩුරක් වශයෙන් භාර ගැනීමේදී මොරටුව වේල්ස් කුමර විද්‍යාලයේ පාසැල් මුරකරු අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශණ කොමිෂන් සභාවේ විමර්ශන නිළධාරින් විසින් 2019.09.20 දින අත් අඩංගුවට ගෙන ඇත.
07 වසරට ළමයකු ඇතුලත් කිරිම වෙනුවෙන්, යාපනය හින්දු විද්‍යාලයේ විදුහල්පති විසින් රුපියල් 100,000/=ක මුදලක් අල්ලස් වශයෙන් අයැද ඉන් රුපියල් 50.000/=ක් පළමුව ලබාගෙන, ඉතිරි රුපියල් 50.000/=ක මුදල 2019.09.20 දින ඉල්ලා ලබාගත් අවස්ථාවේදි, අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශණ කොමිෂන් සභාවේ නිළධාරින් විසින් අත් අඩංගුවට ගෙන ඇත.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් ජනාධිපති ලේකම් කාර්යාලයේ හා රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ සහාය ඇතිව සංවිධානය කළ පුහුණුකරුවන් සදහා වන නේවාසික පුහුණු වැඩසටහන අගෝස්තු 23-25 දිනයන්හිදී මීගමුව හෙරිටන්ස් හෝටලයේදී පැවැත්විණි.
නැසීගිය අනුර බණ්ඩාරනායක මහතා විසින් අල්ලස් කොමිසම වෙත සිදුකරන ලද පැමිණිල්ලක් අනුව එම කොමිසම විසින් විමර්ශන සිදුකරන ලදුව සතොස වැඩබලන සාමාන්‍යාධිකාරී විමල් පෙරේරා මහතාට එරෙහිව දූෂණ වරද යටතේ අධිකරණයේ නඩු පවරන ලදී.
සිවිල් වැසියෙකුගෙන් රු. 450,000 ක අල්ලසක් ඉල්ලා එය ලබාගත් ග්‍රාම නිළධාරීවරයෙකු වරදකරු කරන ලද අතර ඔහුට එරෙහිව වසර දෙකක බරපතළ සිරදඬුවමක් හා රු. 10,000ක දඩයක්ද නියම කරන ලදී.
කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදිප් හෙට්ටිආරච්චි මහතා විසින් 2019.07.23 වන දින කහවත්ත පොලිස් ස්ථානයේ පොලිස් සැරයන්වරයෙකු වූ ආර්.එම්. ජයසේන යන අයට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජනරාල්වරයා විසින් ගොනු කරන ලද අධිචෝදනා පත්‍රයේ චෝදනා 04ටම වරදකරු කරන ලදී.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
A 36, මලලසේකර මාවත,
කොළඹ 07, ශ්‍රී ලංකාව.
T+94 112 596360 / 1954
M+94 767011954