රු. 20000/- ක මුදලක් අල්ලස් ලෙස ලබා ගත් උඩුබැද්ද මහජන සෞඛ්‍ය පරීක්ෂක අල්ලස් දැලේ

දුම්මලසූරිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකුගෙන් ලද පැමිණිල්ලකට අනුව රු. 20000/- ක මුදලක් අල්ලස් ලෙස ලබා ගැනීමේ චෝදනාව මත උඩුබැද්ද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට අනුයුක්තව සේවය කරන මහජන සෞඛ්‍ය පරීක්ෂක වරයෙක් 2021.01.12 වන දින ඇතුන්ගහකොටුව හංදියේදී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරින් විසින් අත්අඩංගුවට ගනු ලැබින.

පැමිණිලිකරු විසින් නීත්‍යානුකූල බලපත්‍ර ලබා ගෙන දිවුරුම්පොල , ඇතුන්ගහ කොටුව ලිපිනයේ පවත්වාගෙන යනු ලබන ගව ඝාතකාගාරයට පැමිණ පරීක්ෂා කර බලා ගව මස්වලට මුද්‍ර තැබීමට, මස් ප්‍රවාහනයට සහ වෙළඳසැලේ මස් විකිනීමට අදාල වාර්තා ලබා දීම වෙනුවෙන් 20000/- ක මුදලක් අල්ලස් ලෙස ඉල්ලා ලබා ගැනීමේදී මෙලෙස අත්අඩංගුවට ගන්නා ලදී.

නවතම පුවත්

හඳුනා ගැනීම් හා වැටලීම්

වරදකරු කිරීම්

ජාත්‍යන්තර සබඳතා

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

M+94 767011954

Search