රුපියල් 25,000/ක මුදලක් අල්ලස් ලෙස ලබාගත් ග්‍රාම නිලධාරි අල්ලස් දැලේ

වීරවිල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු විසින් කරන ලද පැමිණිල්ලකට අනුව අල්ලස් ඉල්ලීමේ හා ලබාගැනීමේ චෝදනාව මත ලුණුගම්වෙහෙර ප්‍රාදේශිය ලේකම් කාර්යාලයට අයත් අංක 64 - සිංහපුර ග්‍රාම නිලධාරී වසමේ ග්‍රාම නිලධාරීවරයා 2021.01.19 වන දින අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබින.

පැමිණිලිකරු ස්ථිරව පදිංචිව සිටින ලිපිනය සඳහා වෙනත් පුද්ගලයෙකුගේ නමින් ඡන්ද හිමි නාමලේඛනයේ නම ලියාපදිංචි වී ඇති බැවින් එය නිවැරදි කර ගැනීම සදහා අවශ්‍ය කටයුතු සිදු කර දීමට රුපියල් 25,000/=ක මුදලක් අල්ලස් ලෙස ඉල්ලා ලබාගන්නා අවස්ථාවේදී ලුණුගම්වෙහෙර ලංකා බැංකුව ඉදිරිපිට මෙසේ අත් අඩංගුවට ගන්නා ලදි.

නවතම පුවත්

හඳුනා ගැනීම් හා වැටලීම්

වරදකරු කිරීම්

ජාත්‍යන්තර සබඳතා

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

M+94 767011954

Search