රුපියල් 150,000/ක මුදලක් අල්ලස් ලෙස ලබාගත් සිවිල් පුද්ගලයකු අල්ලස් දැලේ

රාජාංගනය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු විසින් කරන ලද පැමිණිල්ලකට අනුව අල්ලස් ඉල්ලා ලබාගැනීමේ චෝදනාව මත කටුපත්වැව, පහළ මාරගහවැව, නොච්චියාගම යන ලිපිනයේ පදිංචි සිවිල් පුද්ගලයකු 2021.01.27 වන දින අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබින.

සාක්‍ෂිකරුවන්ට බලපෑම් කිරීමේ චෝදනාව මත දැනට රක්‍ෂිත බන්ධනාගාර ගත කර සිටින සැකකරුවකුට අනුරාධපුර මහාධිකරණයෙන් ඇප ලබා ගැනිම සදහා අධිකරණ නිලධාරීන්ට හා පොලිස් නිලධාරීන්ට ලබා දිය යුතු යැයි පවසා පැමිනිලිකාරියගෙන් රුපියල් 150,000/=ක මුදලක් අල්ලස් ලෙස ඉල්ලා ලබාගන්නා අවස්ථාවේදී නොච්චියාගම බස් නැවතුම්පල ඉදිරිපිට හෙරලිය රන් අරණ හෝටලයේදී මෙසේ අත් අඩංගුවට ගන්නා ලදි.

නවතම පුවත්

හඳුනා ගැනීම් හා වැටලීම්

වරදකරු කිරීම්

ජාත්‍යන්තර සබඳතා

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

M+94 767011954

Search