රුපියල් 10000/=ක මුදලක් අල්ලස් ලෙස ලබාගත් කෝට්ටේ මහනගර සභා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ වැඩබලන සෞඛ්‍ය පරිපාලක අල්ලස් දැලේ

නාවල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු විසින් කරන ලද පැමිණිල්ලකට අනුව අල්ලස් ඉල්ලා ලබාගැනීමේ චෝදනාව මත කෝට්ටේ මහනගර සභා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ වැඩබලන සෞඛ්‍ය පරිපාලක 2021.02.03 වන දින අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබින.

මාර්ගයට කුණු කසල බැහැර කිරීමේ වරද සම්බන්ධයෙන් නීතිමය පියවර නොගෙන සිටීම සඳහා පැමිනිලිකරුගෙන් රුපියල් 10000/= ක මුදලක් අල්ලස් ලෙස ඉල්ලා ලබාගන්නා අවස්ථාවේදී නුගේගොඩ - මහරගම හයිලෙවල් පාරේ දෙල්කඳ හන්දියේදී මෙසේ අත් අඩංගුවට ගන්නා ලදි.

නවතම පුවත්

හඳුනා ගැනීම් හා වැටලීම්

වරදකරු කිරීම්

ජාත්‍යන්තර සබඳතා

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

M+94 767011954

Search