Director General Sarath Jayamanne President's Counsel attended the 10th International Anti-Corruption Authorities General Meeting and met the heads and the members of IAACA ,from 22-24 January 2019 at Vienna Austria.
Director General Sarath Jayamanne President's Counsel attended the 10th International Anti-Corruption Authorities General Meeting and met the heads and the members of IAACA ,from 22-24 January 2019 at Vienna Austria.
පැමිණිලිකාරිණියගේ දියණිය පළමු වසරට ඇතුලත් කර ගැනීමට අවශ්‍ය කටයුතු කරදීම සඳහා රුපියල් 100,000/= ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා ලබාගත් අවස්ථාවේ ගාල්ල අනුලාදේවී බාළිකා විද්‍යාලයේ විදුහල්පතිනිය අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිළධාරීන් විසින් 2019.02.13 වන දින අත් අඩංගුවට ගෙන ඇත.
මෙම කොමිෂන් සභාවේ නීති සහකාර නිලධාරී තනතුරු 17ක පුරප්පාඩු සඳහා නව නිලධාරීන් බඳවා ගැනීම සඳහා සම්මුඛ පරීක්ෂණ ආරම්භ විය.මෙම සම්මුඛ පරීක්ෂණය සඳහා අයදුම්කරුවන් 287ක් පෙනීසිටීමට නියමිතය.
පැමිණිලිකරුගේ පුතා මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවීම හේතුවෙන් වැලිවේරිය පොලිස් ස්ථානය මගින් අත්අඩංගුවට ගෙන පොලිස් සිර මැදිරියේ රඳවා සිටියදී පැමිණිලිකරු විසින් පුතාට සිගරට් එකක් ලබා දීම හේතුවෙන් එය වරදක් බව දන්වා ඒ සඳහා නඩු නොපරව සිටීමට රු.2000/- ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා එම මුදල 2019.02.08 වන දින ලබා ගැනීමේදී අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ෂණ කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
ප්‍රවේශ මාර්ගයක් ඉදිකිරීම සදහා අනුමැතිය ලබා දීමට රු.මිලියන 3ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීම සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් කළුතර ප්‍රාදේශීය සභාවේ සභාපති ලක්ෂ්මන් විධානපතිරණට විරුද්ධව නඩු පවරනු ලැබ තිබූණි. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් සිදුකළ වැටලීමකදී මොහු අත්අඩංගුවට ගනු ලැබිණි.
නිල පියස නමින් කාර්යාල ගොඩනැගිල්ලක් ඉදිකිරීම් කොන්ත්‍රාත්තුවක 10% රැදවුම් මුදලක් නිදහස් කිරීමට අවශ්‍ය නිර්දේශය ලබාදීමට රු.30,000/- ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා පළමුව එයින් රු.10,000/- ක මුදලක් ඉල්ලා ලබා ගැනීමේදී අනුරාධපුර මධ්‍යම නුවරගම් පළාතේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ තාක්ෂණ නිලධාරී 2019-02-01 වන දින අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්න ලදී.
අල්ලස් කොමිසමට ලද නිර්නාමික පැමිණිල්ලකට මෙහෙයවනු ලැබූ නඩු වකට 2019-02-01 වන දින කොළඹ මහේස්ත්‍රාත් පුර්වගාමී විනිසුරු දුලානි අමරසිංහ මැතිනිය විසින් හිඟුරක්ගොඩ හිටපු ප්‍රාදේශීය ලේකම් ඩබ්ලිව්.ගුනවර්ධන යන අයට වසර 02 ක බරපතල වැඩ සහිත සිර දඩුවම් නියම කර එය වසර 05 කට අත්හිටුවන ලදී.මීට අමතරව රු.100,000 ක දඩ මුදලක්ද එය නොගෙවන්නේ නම් මස 06ක ලිහිල් වැඩ සහිත සිර දඩුවම්නියම කරන ලදී.
06 වන වසරට දරුවකු ඇතුලත් කර ගැනීම වෙනුවෙන්, උතුරු මැද පළාතේ හොරොව්පතාන රුවන්වැලි මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පති රුපියල් 10000/- ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා එම මුදලින් පළමුව රුපියල් 5000/- ක් 2019.01.31 වන දින ඉල්ලා ලබා ගත් අවස්ථාවේදී, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශණ කොමිෂන් සභාවේ නිළධාරීන් විසින් අත් අඩංගුවට ගෙන ඇත.
කොක්කඩිචෝලේ පොලිස් ස්ථානාධිපති රුපියල් 25,000 ක අල්ලස් මුදලක් ලබා ගනිමින් සිටියදී ඊයේ සවස අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන්ගේ අත්අඩංගුවට පත්විය.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් මෙම පනත සංශෝධනය කිරීම සඳහා ජනාධිපති ලේකම් කාර්යාලය වෙත ඉදිරිපත් කරන ලද යෝජනාවක් අනුව කැබිනට් මණ්ඩලයේ අනුමැතියෙන් පනත් සංශෝධනය පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරන ලදි.
රජයේ සහනාධාර යටතේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා වගා ලිඳක් ඉදිකර ගැනීමට ලබාදෙන සහනාධාර මුදල් වන රු.170,000 ක මුදලින් මුල් වාරික මුදල සඳහා රු.55,000 ක වවුචර් පතක් ලබා දී ඉතිරි සහනාධාර මුදල් කඩිනමින් ලබා දීමට අවශ්‍ය කටයුතු කර දීමට රු.10,000 ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා ලබා ගන්නා අවස්ථාවේදී මෙම කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්න ලදී.
ගොකරැල්ල පොලිස් ස්ථානයට අනුයුක්තව පොලිස් සැරයන් වරයෙකු ලෙස සේවය කළ තැනැත්තෙක් රු.5000ක මුදලක් අල්ලස් වශයෙන් ලබා ගැනීමේ වරද නිසා අල්ලස් කොමිසම් සභාව විසින් චෝදනා 4 ක් යටතේ ගොනු කරන ලද අධි චෝදනා පත්‍රයේ සියලු චෝදනා සඳහා ඒ තැනැත්තාව කොළඹ මහාධිකරණය විසින් වරදකරු කර ඇත.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
A 36, මලලසේකර මාවත,
කොළඹ 07, ශ්‍රී ලංකාව.
T+94 112 596360 / 1954
M+94 767011954