සෙවනගල හිටපු පොලිස් සැරයන් වරයෙකුට වසර හතරක බරපතල වැඩ සහිත සිර දඩුවම්

10වන සැතපුම් කණුව සෙවනගල පොලීසියට අනුයුක්තව සිටි පොලිස් සැරයන් කේ. කේ බුද්ධදාස නමැති චූදිතට විරුද්ධව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්‍ෂ ජනරාල් විසින් ගොනු කළ අධිචෝදනා පත්‍රයෙහි චෝදනා හතරට කොළඹ මහාධිකරණ ගරු විනිසුරු ඒ. කේ. එම්. පටබැදිගේ මහතා විසින් 2019.12.12 දින වරදකරු කරන ලදී.

චෝදනා දෙකක් සම්බන්ධයෙන් එකවර ගෙවී යන පරිදි වසර 4ක බරපතල වැඩ සිහිතව සිරදඩුවම් නියම කළ අතර එක් එක් චෝදනාවක් වෙනුවෙන් රු.2500/- ක් බැගින් වූ රු.10,000/- දඩයක් ද නියම කෙරුණි. එය නොගෙවන්නේ නම් මාස 06 ක බරපතල වැඩ සහිත සිර දඩුවම් හා අල්ලස් පනතේ 26වගන්තිය අනුව රු.6000/-ක දණ්ඩනයක්ද නියම විය. දඩය නොගෙවන්නේ නම් වසර 01ක බරපතල වැඩ සහිත සිර දඩුවම් නියම විය. නඩුව මෙහෙයවීම අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ සහකාර අධ්‍යක්‍ෂ (නීති) සල්ඩීන් මොහොමඩ් සබ්‍රි මහතා විසින් සිදුකරන ලදී.

නවතම පුවත්

හඳුනා ගැනීම් හා වැටලීම්

වරදකරු කිරීම්

ජාත්‍යන්තර සබඳතා

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

M+94 767011954

Search