අනුර බණ්ඩාරනායක මහතා විසින් අල්ලස් කොමිසම වෙත යොමුකර ඇති පැමිණිල්ල. / අමාත්‍ය රවී කරුණානායක විසින් අධිකරණයේදී සාක්ෂි ලබාදීම / සතොස වැඩබලන සාමාන්‍යාධිකාරී හට අධිකරණය මඟින් සිරදඬුවම් නියම කිරීම.

නැසීගිය අනුර බණ්ඩාරනායක මහතා විසින් අල්ලස් කොමිසම වෙත සිදුකරන ලද පැමිණිල්ලක් අනුව එම කොමිසම විසින් විමර්ශන සිදුකරන ලදුව සතොස වැඩබලන සාමාන්‍යාධිකාරී විමල් පෙරේරා මහතාට එරෙහිව දූෂණ වරද යටතේ අධිකරණයේ නඩු පවරන ලදී.


සතොස මිල දර්ශකයේ විකුණුම් මිළට වඩා අවම මිළකට එනම් කිලෝ ග්‍රරෑම් 1ක් රු. 17.50ක මිළකට සහල් මෙට්‍රික් ටොන් 1000 ක් අලෙවි කිරීමට නියෝග කිරීම තුළින් රජයට රු.මිලියන 4ක අලාභයක් සිදුකර ඇති බවට විමල් පෙරේරා වෙත චෝදනා එල්ල විය.
අද දින ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න විසින් හිටපු සතොස සාමාන්‍යාධිකාරී විමල් පෙරේරා අල්ලස් පනතේ 70 වන වගන්තිය යටතේ දූෂණ වරදට වරදකරු කරමින් ඔහු හට වසරක සිර දඬුවමක් නියම කරන ලදී. එසේම චූදිත වෙත රු. 50,000/- දඩයක්ද නියම කරන ලද අතර එය නොගෙවන්නෙ නම් මාස 6ක සිර දඬුවමක්ද නියම කරන ලදී.
අල්ලස් කොමිසම වෙනුවෙන් සහකාර අධ්‍යක්‍ෂ ජනරාල් අසිත ඇන්තනී හා චූදිත වෙනුවෙන් ජනාධිපති නීතීඥ ශානක රණසිංහ මෙම නඩුව සඳහා පෙනී සිටින ලදී.

නවතම පුවත්

හඳුනා ගැනීම් හා වැටලීම්

වරදකරු කිරීම්

ජාත්‍යන්තර සබඳතා

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

M+94 767011954

Search