රු.450,000 ක් අල්ලස් ගත් ග්‍රාම නිළධාරීට බරපතළ වැඩසහිත සිර දඬුවම්

සිවිල් වැසියෙකුගෙන් රු. 450,000 ක අල්ලසක් ඉල්ලා එය ලබාගත් ග්‍රාම නිළධාරීවරයෙකු වරදකරු කරන ලද අතර ඔහුට එරෙහිව වසර දෙකක බරපතළ සිරදඬුවමක් හා රු. 10,000ක දඩයක්ද නියම කරන ලදී.


චූදිත විසින් තම මුණුපුරා ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයට ඇතුළු කිරීමට අවශ්‍ය වූ සිවිල් වැසියෙකුගෙන් රු. 450000 ක අල්ලසක් ඉල්ලා එය ලබාගෙන තිබේ.
2017 පෙබරවාරි මස අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත සිදුකරන ලද පැමිණිල්ලක් මත සිදුකරන ලද විමර්ශන අනුව 2018 නොවැම්බර් මසදී චූදිතට විරුද්ධව නඩු පවරන ලදී.
නඩු වාරයේ පළමු දිනයේදී ඔහුට විරුද්ධ චෝදනා සඳහා චූදිත විසින් වරද පිළිගත් බැවින් මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා චූදිත වරදකරු ලෙස ප්‍රකාශ කරන ලදී.
වැඩිදුරටත් කරුණු සලකා බැලූ මහාධිකරණ විනිසුරුවරයා එම දඬුවම වසර 10ක කාලයකට අත්හිටුවන ලදී.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්‍ෂ (විමර්ශන) ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රියන්ත චන්ද්‍රසිරි මහතාගේ මගපෙන්වීම හා උපදෙස් මත උපපොලිස් පරීක්‍ෂක කලංසූරිය මහතා විසින් මෙහි විමර්ශන සිදුකරන ලද අතර පැමිණිල්ල මෙහෙයවනු ලැබූයේ අධ්‍යක්‍ෂ ජනරාල් ජනාධිපති නීතීඥ සරත් ජයමාන්න මහතාගේ මගපෙන්වීම මත සහකාර අධ්‍යක්‍ෂ (නීති) නීතීඥ මනෝදි හේවාවසම් මිය විසිනි. ‍

නවතම පුවත්

හඳුනා ගැනීම් හා වැටලීම්

වරදකරු කිරීම්

ජාත්‍යන්තර සබඳතා

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

M+94 767011954

Search