කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදිප් හෙට්ටිආරච්චි මහතා විසින් 2019.07.23 වන දින කහවත්ත පොලිස් ස්ථානයේ පොලිස් සැරයන්වරයෙකු වූ ආර්.එම්. ජයසේන යන අයට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ගොනු කරන ලද අධිචෝදනා පත්‍රයේ චෝදනා 04ටම වරදකරු කරන ලදී.
වරදකරු කරනු ලැබු චුදිතට අධිචෝදනා පත්‍රයේ සඳහන් වූ එක් චෝදනාවක් සඳහා වසර 04 බැගින් බරපතල වැඩ සහිත සිරදඩුවම් නියම කල අතර එම සිර දඩුවම් එකවිට ගෙවි යන පරිදි නියම කරන ලදී. එසේම එක් චෝදනාවකට රු: 5,000/- බැගින් රු: 20,000/- ක දඩයක්ද අල්ලස් පනතේ 26 වන වගන්තිය යටතේ රු:15,000/- ක දඩයක්ද නියම කරන ලදී. එකී දඩ නොගෙවයි නම් වසර 01ක ලිහිල් සිර දඩුවම් නියම කරන ලදී. මෙම නඩුවේ පැමිණිල්ල වෙනුවෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා කොමිෂන් සභාවේ නීතිඥ අනුරාධා සිරිවර්ධන, සහකාර අධ්‍යක්ෂ (නිතී) පෙනි සිටින ලදී.