අල්ලස් ගැනීමේ වරදින් අධිකරණ කළමනාකරණ සහකාරවරයෙක්ට වසර 10ක සිරදඬුවම්

පුත්තලම දිසා/මහේස්ත්‍රාත් අධිකරණයට අනුයුක්තව අධිකරණ කළමනාකරණ සහකාරවරයෙක් වශයෙන් සේවය කළ තැනැත්තෙක් රු.4500ක මුදලක් අල්ලස් වශයෙන් ලබා ගැනීමේ වරද නිසා කොළඹ මහාධිකරණය මගින් ඒ තැනැත්තාව වරදකරු කර ඇත.


ඒ අනූව කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා විසින් චූදිත තැනැත්තාට අවුරුදු 10 ක බරපතල වැඩ ඇති සිර දඬුවම් සහ රු.5000 බැගින් දඩ මුදල් නියම කරන ලදී.
පැමිණිලිකරු පාර්ශවකරුවෙකු වන 23007/16/p2 දරණ නඩත්තු නඩුව ප්‍රකාරව පැමිණිලිකරු විසින් ගෙවිය යුතු රු.12,000/- ක මාසික නඩත්තු මුදල අඩු කරදීමට ආධාර කිරීම සඳහා චූදිත තැනැත්තා විසින් පැමිණිලිකරුගෙන් රු.6000/- ක මුදලක් අයැද පසුව රු.4500/- ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා ඇත. ඒ අනූව පැමිණිලිකරු මේ සම්බන්ධයෙන් අල්ලස් කොමිසමට පැමිණිලි කිරීමෙන් අනතුරුව අල්ලස් කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් වැටලීමක් සංවිධානය කර ඇත.ඒ අනූව චූදිත පැමිණිලිකරුගෙන් අල්ලස් මුදල් ලබා ගන්නා අවස්ථාවේදී අල්ලස් කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් චූදිත තැනැත්තාව අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇත.

පැමිණිල්ල මෙහෙය වූ නීතිඥවරිය - එස්.ඒ.භක්ති චේතනා, සහකාර අධ්‍යක්‍ෂ (නීති)
විමර්ශන නිලධාරීන් - උ.පො.ප. සෙනෙවිරත්න, පො.කො.28992 මධුශංක

 

නවතම පුවත්

හඳුනා ගැනීම් හා වැටලීම්

වරදකරු කිරීම්

ජාත්‍යන්තර සබඳතා

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

M+94 767011954

Search