දැරණියගල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති අනිල් චම්පික විජේසිංහට බරපතල වැඩ සහිත වසර 24 ක සිර දඬුවම්

කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා විසින් අද දින (2019.07.04) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ගොනු කරන ලද අධි චෝදනාවක් මත පවත්වන ලද නඩු විභාගයෙන් අනතුරුව එම නඩුවේ 01 වන චූදිත වූ දැරණියගල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති අනිල් චම්පික විජේසිංහ යන අයට එරෙහිව එකී අධි චෝදනා පත්‍රයේ පැවති 01, 02, 05 සහ 06 යන චෝදනාවන් සියල්ලටම වරදකරු කරන ලද අතර එකී එක් චෝදනාවකට වසර 6 බැගින් වසර 24 ක බරපතල වැඩ සහිත වූ සිර දඩුවම් නියම කරන ලදී. එසේම එක් චෝදනාවකට රු: 5,000/- බැගින් චෝදනා 4 ට රු: 20,000/- ක දඩ මුදලක් නියම කරන ලදී. එකී දඩ මුදල නොගෙවයි නම් එක් චෝදනාවකට වසර බැගින් බරපතල වැඩ සහිත සිර දඬුවම් නියම කරන ලදී. අල්ලස් පනතේ 26 වන වගන්තිය යටතේ රුපියල් ලක්ෂ 04 ක් වූ මුදලක් දණ්ඩනයක් වශයෙන් ගෙවන ලෙසට නියම කරන ලද අතර එය නොගෙවන්නේ නම් අමතර වසර 01 ක බරපතල වැඩ සහිත සිර දඬුවම් නියම කරන ලදී. මෙම නඩුවේ පැමිණිලිකාරියට රුපියල් 250,000/- ක් වූ වන්දියක් ගෙවන ලෙසටද එකී වන්දිය නොගෙවයි නම් තවත් වසර 02 ක බරපතල වැඩ සහිත සිර දඬුවම්ද නියම කරන ලදී.


මෙකී නඩුව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් දැරණියගල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිට සහ එකී නඩුවේ 02 වන චූදිත වූ දැරණියගල ප්‍රාදේශීය සභාවේ එවකට සිටි කාර්මික නිලධාරී වූ සිරිල් අබේවික්‍රම යන අයට එරෙහිව පවරන ලද නඩුවකි. 02 වන චූදිත වූ සිරිල් අබේවික්‍රම යන අය මෙම නඩුවේ මුල් අවස්ථාවේදීම වරද පිළිගෙන ඇත.
මෙම නඩුවේ පැමිණිලිකාරිය නයනා තුෂාරී නමැත්තියට අයත් ඉඩමක වීථී රේඛා සහතිකයක් ලබා දීම සඳහා 01 වන චූදිත විසින් රුපියල් ලක්ෂ 05 ක්වූ අල්ලස් මුදලක් ඉල්ලා රුපියල් ලක්ෂ 04 ක් වූ මුදලක් 02 වන චූදිත මාර්ගයෙන් ලබාගෙන ඇත. මෙම නඩුවේ පැමිණිල්ල අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ සහකාර අධ්‍යක්‍ෂ (නීති) අනුරාධා සිරිවර්ධන මහත්මිය විසින් මෙහෙයවන ලදී.

නවතම පුවත්

හඳුනා ගැනීම් හා වැටලීම්

වරදකරු කිරීම්

ජාත්‍යන්තර සබඳතා

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

M+94 767011954

Search