මාතලේ දිස්ත්‍රික් කම්කරු කාර්යාලයේ කම්කරු නිලධාරියෙකුට වසර 4ක බරපතල සිර දඩුවම් (B/2062/15)

සිය ගරාජයේ සේවකයන්ට සේවක අර්ථසාධක අරමුදල් නොගෙවීම සම්බන්ධයෙන් නීතිමය කටයුතු නොකර සිටීමට රු.150,000/- ක අල්ලසක් ඉල්ලා ලබාගත් මාතලේ දිස්ත්‍රික් කම්කරු කාර්යාලයේ කම්කරු නිලධාරියෙකුට විරුද්ධව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් මහාධිකරණයේ නඩු පවරා තිබුණි. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් සිදුකරන ලද වැටලීමකින් මෙම චූදිතයා අත්අඩංගුවට ගන්නා ලදී.

2019.02.21 දින ගරු මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා විසින් මෙම චූදිත, අධිචෝදනා පත්‍රයේ වූ චෝදනා 4ටම වැරදිකරු කරන ලද අතර 1වන හා 2වන චෝදනාවලට අදාලව වසර 3ක බරපතල වැඩ සහිත සිර දඩුවම් හා 3වන හා 4වන චෝදනාවලට අදාලව වසර 4ක බරපතල වැඩ සහිත සිර දඩුවම් නියම කරන ලදී. මෙම දඩුවම් සමගාමීව ගෙවීයන පරිදි නියමකර ඇත. සෑම චෝදනාවකටම අදාලව රු.5,000/- ක දඩයක් නියම කර ඇති අතර එය නොගෙවන්නේ නම් සෑම චෝදනාවකට අදාලව මාස 1 බැගින් සිර දඩුවම් නියමකර ඇත.
තවද, අල්ලස් පනතේ 26 වගන්තිය අනුව රු.150,000/- ක දණ්ඩනයක්ද එය නොගෙවන්නේ නම් මාස 06ක සිර දඩුවම්ද නියම විය.
පැමිණිල්ල මෙහෙයවීම අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අනුත්තරා ජයසිංහ මහත්මිය (සහකාර අධ්‍යක්‍ෂ - නීති) හා තුෂාරී දයාරත්න මහත්මිය (සහකාර අධ්‍යක්‍ෂ - නීති) විසින් සිදුකරන ලදී.

නවතම පුවත්

හඳුනා ගැනීම් හා වැටලීම්

වරදකරු කිරීම්

ජාත්‍යන්තර සබඳතා

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

M+94 767011954

Search