දූෂණ නඩුවෙන් මාතලේ හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිට වසර 03 ක සිරදඩුවම් හා ලක්ෂ 03 ක දඩයක් ගෙවීමට අධිකරණ තීන්දුවක්

නඩු අංකය 6835/2012
චුදිත - එස්.වී.පී.හෙක්ටර් ධර්මසිරි

2007 සැප්තැම්බර් 01 සිට 2007 ඔක්තෝම්බර් 09 දින දක්වා කාලය තුල දී රජයේ සේවකයෙකු වශයෙන් එනම්, මාතලේ පොලිස් කොට්ඨාශ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලෙස සේවයේ යෙදී සිටියදී ආණ්ඩුවට අයතු සහගත ලෙස හෝ නීති විරෝධි ලෙස පාඩු සිදු කිරීමේ චේතනාවෙන් හෝ ආණ්ඩුවට නීති විරෝධි ලෙස හෝ අයතු සහගත ලෙස පාඩු සිදුවිය හැකි බව දැන දැනම රජයේ සේවකයෙක් වශයෙන් ස්වකීය ධූරය කෙලින්ම හෝ අන්‍යාකාරයෙන් භාවිතා කිරීමෙන් යම් ක්‍රියාවක් ඉටු කිරීමට එනම් මිනුවන්ගොඩ ඉදිකෙරෙමින් පවතින තම නිවසේ ඉදිකිරීම් කටයුතු වලට සහභාගි වීම සඳහා ග්‍රාමාරක්ෂක නිලධාරීන් පෙළඹවීමට කටයුතු කිරීම පාදක කරගෙන අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පවරන ලදී.

දීර්ඝ නඩු විභාගයකින් පසු උගත් ප්‍රධාන මහේස්ත්‍රාත්තුමිය මෙම නඩුවේ නියෝගය 2019 ජූලි 02 වන දින ප්‍රකාශයට පත් කරන ලදී. ඒ අනුව චූදිතට එරෙහිව ගොනු කරන ලද චෝදනා පත්‍රයේ චෝදනා 06 ක් සඳහා චූදිත වරදකරු කරන ලදී.

වරදකරු කරන ලද එක් එක් චෝදනාවකට වසර 01 බැගින් සිරදඩුවම් නියම කරන ලදී. මෙම චෝදනා 06 න් චෝදනා 03 ක් සමගාමීව ගෙවීමට නියම කරන ලදී. එබැවින් සමස්ත සිරදඩුවම වසර 03 කි.

තවද, වරදකරු කරන ලද එක් එක් චෝදනාවකට රු. 50,000 බැගින් චෝදනා 06 සදහා රු. 300,000 ක දඩයක් නියම කරන ලදී.

මෙම නඩුව හි පැමිණිල්ල සහකාර අධ්‍යක්ෂ ජනරාල් අසිත ඇන්තනී මහතා විසින් මෙහෙයවන ලදී. චූදිත වෙනුවෙන් නීතිඥ ලාල් කුලරත්න මහතා පෙනී සිටින ලදී.

නවතම පුවත්

හඳුනා ගැනීම් හා වැටලීම්

වරදකරු කිරීම්

ජාත්‍යන්තර සබඳතා

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

M+94 767011954

Search