කළුතර ප්‍රාදේශීය සභාවේ සභාපති ලක්‍ෂමන් විධානපතිරණට වසර 5ක බරපතල වැඩ සහිත සිර දඩුවම් (B2050/15)

ප්‍රවේශ මාර්ගයක් ඉදිකිරීම සදහා අනුමැතිය ලබා දීමට රු.මිලියන 3ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීම සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් කළුතර ප්‍රාදේශීය සභාවේ සභාපති ලක්‍ෂ්මන් විධානපතිරණට විරුද්ධව නඩු පවරනු ලැබ තිබූණි. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් සිදුකළ වැටලීමකදී මොහු අත්අඩංගුවට ගනු ලැබිණි.

මහාධිකරණ විනිසුරු ගිහාන් කුළතුංග මහතා චූදිතයා වරදකරු කරමින් තීන්දුව ලබා දෙන ලද අතර සියළු චෝදනාවන්ට බරපතල වැඩ සහිත එකවර ගෙවී යන පරදි වසර 5ක සිර දඩුවමක් නියම කරනු ලැබීය. සෑම චෝදනාවක් වෙනුවෙන් රු.5000/- ක දඩ මුදලක් ද නියම කෙරුණි.  

මීට අමතරව රු. මිලියන 3ක දණ්ඩනයක් ද නියම කෙරුණි. එමෙන්ම ඉඩම් හිමියාට රු.මිලියන 2ක වන්දියක් ද ගෙවන ලෙසට නියම විය.

නවතම පුවත්

හඳුනා ගැනීම් හා වැටලීම්

වරදකරු කිරීම්

ජාත්‍යන්තර සබඳතා

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

M+94 767011954

Search