ජූලි 25 සිට 27 දින දක්වා, ටාජ් සමුද්‍රා හෝටලය, කොළඹ, ශ්‍රී ලංකාව
ජූලි 25 සිට 27 දින දක්වා, ටාජ් සමුද්‍රා හෝටලය, කොළඹ, ශ්‍රී ලංකාව
ජකාර්තා මූලධර්ම පිලිබඳ ගෝලීය විද්වත් හමුව (EGM)සදහා සියළු කටයුතු සුදානම්.
2018 ජුලි මස 25 ජන දින සිට 27 වන දින දක්වා කොළඹ ටාජ් සමුද්‍ර හෝටලයේදී පැවැත්වීමට නියමිත දුෂණයට එරෙහිව ලොව පුර විසිරි සිටින විශේෂඥයින් ඒකරාශී වී සම්මත කර ගන්න ලද ජකර්තා මුලධර්ම මත පදනම් වූ අන්තර් ජාතික සමුළුව සඳහා ලොව පුරා විසිරි සිටින විශේෂඥවරු දිවයිනට පැමිණිමට නියමිතයි.
දූෂණයට එරෙහිව කටයුතු කරනු ලබන ආයතන සැබැවින්ම ස්වාධීන හා ශක්තිමත් කිරීම අරමුණු කරගෙන සම්මත කරනු ලැබූ ජකර්තා මූලධර්ම පිලිබඳ වැඩිදුර කතිකාවතක් 2018 ජූලි මස 25 වන දින සිට 27 වන දින දක්වා කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ දී පැවැත්වීමට නියමිතය.
පැමිණිලිකරු වසර දහයක් පැරණි වාහන දෙකක් නිත්‍යානුකූලව ජපානයෙන් මෙරටට ගෙන්වා ගැනීම සඳහා ආනයන අපනයන දෙපාර්තමේන්තුවේ නිර්දේශය ලබාදීම වෙනුවෙන් ආනයන අපනයන පාලක නිලධාරියෙකු විසින් රුපියල් ලක්ෂ දෙකක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා ලබානොදුන හොත් නිර්දේශකර දුන් බලපත්‍රය අවලංගු කරන බව පවසා, එම රුපියල් ලක්ෂ දෙකක මුදල 2018.07.20 වන දින ඉල්ලා ලබා ගත අවස්ථාවේදී,අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
අකුරණ ප්‍රාදේශීය ලේකම් ලෙස සේවය කල මෝහමෙඩ් හනීෆා මෝහෝමඩ් නියාස් හට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා විසින් වසර 05 ක බරපටල වැඩ සහිත සිර දඬුවමක් හා රු.50,000 ක දණ්ඩනයක් සමග රු.5000 ක දඩ මුදලක් අද දින නියම කරන ලදී.
දූෂණයට එරෙහි UNODC ජාත්‍යන්තර වැඩසටහන්හි මධ්‍යකාලින ප්‍රගතිය ඇගයීමේ ස්වාධීන ඇගයුම්කාරිනියක වන ඇබිගෙල් හැන්සන්ගේ මෙරට සංචාරයේදී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජනාරාල් 2018 ජුලි මස 19 (වන අද) දින හමු විය. ඇය ජුලි මස 19වන දින සිට 20වන දින දක්වා අනෙකුත් ජාතික දූෂණ විරෝධී ක්රියාකාරිකයන් හමුවීමටද නියමිතය.
හොදම වෙබ් අඩවිය 2018 තේරීමේ තරඟය පසුගිය දා පැවැත්විණි .මෙම තරඟාවලිය LK Domain Registry ආයතනය මගින් 8 වන වරටත් මෙවර සංවිධානය කරනු ලැබීය.
විමර්ශන නිලධාරීන්, නීති සහකාර නිලධාරීන්, නිවාරණ නිලධාරීන්, ලඝු ලේඛක හා ප්‍රවාහන නිලධාරී බඳවා ගැනීමේ දින දීර්ඝ කොට ඇත.වැඩි විස්තර පහතින් ඇත.
පැමිණිලිකරුගේ කල්කුඩා ප්‍රදේශයේ ආරම්භ කිරීමට නියමිත ගඩොල් කැපීමේ ව්‍යාපාරය සඳහා මධ්‍යම පරිසර අධිකාරියෙන් ලබාගත යුතු පාරිසරික බලපත්‍රය ලබා ගැනීම සඳහා කල්කුඩා පොලිස් ස්ථානයෙන් ලබා ගත යුතු වාර්තාව ලබාදීමට රු.500,000/- ක් මුදලක් ඉල්ලා ඉන් කොටසක් ලෙස රු.300,000/- ක මුදලක් අල්ලස් ලෙස ඉල්ලා ලබා ගැනීමේ දී අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් එම පොලිස් නිලධාරියා අත්අඩංගුවට ගන්නා ලදී
පෞද්ගලික අංශය හා රාජ්‍ය තාන්ති‍්‍රක නිලධාරින්ගේ සහභාගිත්වයෙන් ජාතික උපදේශනය සමුළුව ජුලි මස 03 වන දින මූවන්පික් හෝටල් පරිශ්‍රයේදී පැවැත්විණි. මෙම අවස්ථාව සදහා රාජ්‍ය තාන්ති‍්‍රක නිලධාරින්ගේ නියෝජිතයන් හා විවිධ සමාගම් වල උසස් නිලධාරීන් සහභාගි විය.
සමාජ සංවිධාන හා ජනමාධ්‍යන්හි සහභාගිත්වයෙන් ජාතික උපදේශනය සමුළුව ජුලි මස 02 වන දින මූවන්පික් හෝටල් පරිශ්‍රයේදී පැවැත්විණි.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
A 36, මලලසේකර මාවත,
කොළඹ 07, ශ්‍රී ලංකාව.
T+94 112 596360 / 1954
M+94 767011954