බස් රථ තුනක් සඳහා පරම අයිතිය වෙනස් කර පවරාගැනීමේ කටයුතු සඳහා අල්ලස් ඉල්ලා ලබාගත්, මොටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය මෝටර් රථ කොමසාරිස්වරයෙකු, සංවර්ධන සහකාරවරයෙකු සහ තැරැව්කරුවෙකු අල්ලස් චෝදනා මත අත්අඩංගුවට.
බස් රථ තුනක් සඳහා පරම අයිතිය වෙනස් කර පවරාගැනීමේ කටයුතු සඳහා අල්ලස් ඉල්ලා ලබාගත්, මොටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය මෝටර් රථ කොමසාරිස්වරයෙකු, සංවර්ධන සහකාරවරයෙකු සහ තැරැව්කරුවෙකු අල්ලස් චෝදනා මත අත්අඩංගුවට.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත ලද තොරතුරකට අනුව රහසිගත හා බුද්ධි විමර්ශන ඒකකය මගින් සිදු කරනු ලබන විමර්ශනයකට අදාලව අනීතිකව ලංකාවට රැගෙන විත් රජයට අය විය යුතු බදු මුදල් අහිමි කරමින් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර ධාවනය කරන ලද මිට්ෂුබිසි වර්ගයේ ජීප් රථයක් 2024.09.18 වන දිනට පෙර අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට ඉදිරිපත් කිරීමට ලබාදුන් අධිකරණ නියෝගය කඩ කිරීම හේතුවෙන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය මඟින් නඩු අංක B 16054/01/24 දරණ නඩුවට අදාලව බදුල්ල, නෙළුම්ගම ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුට එරෙහිව නිකුත් කර ඇති වරන්තුව ක්‍රියාත්මක කිරීම හා අධිකරණ නියෝග පරිදි අදාල මිට්ෂුබිසි වර්ගයේ ජීප් රථය භාරයට ගැනීමට කොමිෂන් සභාවේ රහසිගත හා බුද්ධි විමර්ශන ඒකකය විසින් කටයුතු කරන ලදී.
කොමිෂන් සභාවට ලද පැමිණිල්ලක් ප්‍රකාරව වනාතවිල්ලුව පොලිස්ථානයේ, හිටපු ස්ථානාධිපතිවරයෙකු වන ලියන පතිරැන්නැහැලාගේ නාලින්ද උපුල් පතිරත්න යන අයට එරෙහිව ලිංගික අල්ලස් ඉල්ලීමේ චෝදනාව මත, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් 2024 ඔක්තෝබර් මස 01 වන දින කොළඹ මහාධිකරණයේ නඩු පැවරීමට කටයුතු කරන ලදි.
කොමිෂන් සභාවට ලද පැමිණිල්ලක් ප්‍රකාරව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ශල්‍යාගාර ලාම්පු 35 ක් මිළදී ගැනීමේ ටෙන්ඩරයේ සිදු වූ දූෂණයක් පිළිබඳ විමර්ශන සිදුකරන ලදී.
පස්සර ප්‍රදේශයේ පුද්ගලයෙකු විසින් කරන ලද පැමිණිල්ලකට අනුව පැමිණිලිකරු බස්නාහිර පළාත (දකුණ) දිසා රථවාහන කොට්ඨාසයේ, බත්තරමුල්ල ඒකකයට අනුයුක්තව සිටිය දී රථවාහන සම්බන්ධයෙන් වැලිකඩ පොලිස් ස්ථානයේ විශේෂ රාජකාරියේ යෙදී සිටි කාලය තුළ සිදු කරන ලද බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන්, පොලිස් දෙපාර්තමේන්තුව මගින් පිරිනමනු ලබන ත්‍යාග මුදල් ලබාගැනීමට ඉදිරිපත් කරනු ලබන ත්‍යාග වව්චර්පත් උසාවි කටයුතු භාර නිලධාරියාගේ අත්සන සහ නිල මුද්‍රාව තබා සම්පූර්ණ කර ලබාදීමට අල්ලස් වශයෙන් තුටු පඬුරක් ලෙස රුපියල් 3640/- ක් වටිනා අරක්කු බෝතලයක් අල්ලස් වශයෙන් ඉල්ලා ලබා ගැනීමේ සහ එම තුටු පඬුර ඉල්ලා ලබාගැනීමට ආධාර අනුබල ලබා දීමේ චෝදනාව මත කෙසෙල්වත්ත පොලිස් ස්ථානයේ, පොලිස් සැරයන්වරයෙකු සහ පිරිසිදු කිරීමේ සේවා ආයතනයක, පිරිසිදු කිරීමේ කම්කරුවෙකු 2024.09.26 වන දින ප.ව. 1.50 ට සහ ප.ව.1.35ට පමණ කොළඹ අළුත්කඩේ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණ අංක 07 අධිකරණ පරිශ්‍රය තුළ දී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදී.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ යන අයට එරෙහිව වත්කම් විමර්ශනයක් සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට ලැබුණු පැමිණිල්ලක් විමර්ශනය කිරීමේ දී එයට එරෙහිව සැකකාර මන්ත්‍රීවරයා විසින් අභියාචනාධිකරණය වෙත යොමු කරන ලද රිට් අයදුම්පත 2024.08.29 වන දින ගරු අභියාචනාධිකරණය විසින් නිෂ්ප්‍රභ කර ඇත.
මඩකලපුව, කාන්චංකුඩා ප්‍රදේශයේ පුද්ගලයෙකු විසින් කරන ලද පැමිණිල්ලකට අනුව, පැමිණිලිකරු බලපත්‍ර නොමැතිව වැලි ගොඩ දැමීම හා ට්‍රැක්ටර් රථයෙන් වැලි ප්‍රවාහනය කිරීම සම්බන්ධව නීති මඟින් කටයුතු නොකර සිටීමට රු. 2000/- ක මුදලක් ඉල්ලා ලබාගැනීමෙන් අනතුරුව, තවදුරටත් බලපත්‍ර නොමැතිව වැලි ගොඩ දැමීම හා ප්‍රවාහනය කිරීමට නීති මඟින් කටයුතු නොකර උදව් කිරීම සඳහා රු. 2000/- ක අල්ලස් මුදලක් ඉල්ලා ලබාගැනීමේ චෝදනාව මත පොලිස් විශේෂ කාර්යංශයට අනුයුක්තව මඩකලපුව, කොක්කඩිචෝලෙයි උප ඒකකයේ සේවයේ නියුතු පොලිස් සැරයන්වරයෙකු සහ පොලිස් කොස්තාපල්වරයෙකු 2024.09.25 වන දින මධ්‍යහන 12.35 ට පමණ පනේ අරුප්පන් ප්‍රදේශයේ දී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදී.
පොතුහැර, තලවත්තේගෙදර ප්‍රදේශයේ පුද්ගලයෙකු විසින් කරන ලද පැමිණිල්ලකට අනුව පැමිණිලිකරු රැකියාවකට යාමට පොලිස් වාර්තාවක් ඉල්ලුම් කළ පසු ඔහුට විරුද්ධව පොතුහැර පොලිස් ස්ථානයේ ලේඛන අනූව නීති විරෝධී මත්පැන් හා මත්ද්‍රව්‍ය සම්බන්ධව ඇති නඩුවල විස්තර ඇතුලත් නොකර එම පොලිස් වාර්තාව ලබා දීමට අවශ්‍ය කටයුතු කරදීම වෙනුවෙන් රු.5000/- ක අල්ලස් මුදලක් ඉල්ලා, පැමිණිලිකරුට එකී පොලිස් වාර්තාව ලබා දීමෙන් පසුව, පැමිණිලිකරු එම මුදල ලබානොදීම හේතුවෙන් ඔහුට විරුද්ධව නීති විරෝධී මත්පැන් හා මත්ද්‍රව්‍ය වලට නඩු පවරන බව පවසා එසේ නොකර සිටීමට රු.5000/- ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා ලබාගැනීමේ චෝදනාව මත පොතුහැර පොලිස් ස්ථානයේ සැරයන්වරයෙකු 2024.09.19 වන දින ප.ව. 2.52 ට පමණ පොතුහැර පොලිස් ස්ථානය ඉදිරිපිට ඇති ගොවිජන සේවා මධ්‍යස්ථානයේ පිහිටුවා ඇති හෙළ බොජුන් අවන් හල තුළ දී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදී.
හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයෙකුට එරෙහිව සිදුකරනු ලබන විමර්ශන කටයුතු වලට අදාලව ඔහුගේ පුත්‍රයාගේ නමට පවතින කොළඹ 07, ධර්මපාල මාවතේ සුඛෝපභෝගී මහල් නිවාස සංකීර්ණයක පිහිටි නිවාස ඒ්කක 02 ක් 2024.09.13 වන දින අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් 2023 අංක 9 දරණ දූෂණ විරෝධී පනතේ 53 (1) වගන්තිය ප්‍රකාරව දින 07 ක කාල සීමාවක් සඳහා තහනම් කරන ලදී.
නීති විරෝධී පස් කැපීමකට අදාළව බැඳිගම, දකුණ ප්‍රදේශයේ දී සිදු කරන ලද වැටලීමක දී, අත්අඩංගුවට ගන්නා ලද පුද්ගලයන් සහ නඩු භාණ්ඩ අධිකරණයට ඉදිරිපත් කර නීති මඟින් කටයුතු නොකිරීම සඳහා පන්නිපිටිය, රුක්මලේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වූ චූදිත විසින් රු.25,000/ - (රුපියල් විසිපන්දහස) ක මුදලක් පිරිනැමීමට තැත් කර ඇත.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට ලද පැමිණිල්ලකට අනුව අනුරාධපුර ප්‍රදේශයේ රාජකාරී සිදුකරන ලද සහකාර පොලිස් අධිකාරීවරයෙකු සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ මේ වන විට විමර්ශන කටයුතු සිදුකරගෙන යනු ලබයි.
වියානා ජාත්‍යන්තර මධ්‍යස්ථානයේ පැවති මත්ද්‍රව්‍ය හා අපරාධ පිලිබඳ එක්සත් ජාතීන් ගේ කාර්යාල (UNODC) සැසි හා එක්සත් ජාතීන් ගේ දූෂණ විරෝධී සම්මුති (UNCAC) සැසි සඳහා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභා නියෝජිත පිරිසක් සහභාගී වූ අතර කොමිෂන් සභාව විසින් මෑතක දී අත්කර ගත් ප්‍රගතිය සම්බන්ධයෙන් හා එහි ඉදිරි කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා එම නියෝජිත පිරිස සැප්තැම්බර් 04 වන දින ලෝක බැංකු මූල්‍ය අංශ ජ්‍යෙෂ්ඨ විශේෂඥ ලෝරා පොප් මහත්මිය හමුවූහ.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව


අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
A 36, මලලසේකර මාවත,
කොළඹ 07, ශ්‍රී ලංකාව.
T+94 112 596360 / 1954