අම්බලන්තොට, බැරගම ප්‍රදේශයේ පුද්ගලයකු විසින් කරන ලද පැමිණිල්ලකට අනුව, අල්ලස් ඉල්ලීමේ හා ලබාගැනීමේ චෝදනාව මත සූරියවැව ප්‍රාදේශීය සභා ලේකම්වරයා 2023.06.07 වන දින අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබින.
අම්බලන්තොට, බැරගම ප්‍රදේශයේ පුද්ගලයකු විසින් කරන ලද පැමිණිල්ලකට අනුව, අල්ලස් ඉල්ලීමේ හා ලබාගැනීමේ චෝදනාව මත සූරියවැව ප්‍රාදේශීය සභා ලේකම්වරයා 2023.06.07 වන දින අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබින.
අලවතුගොඩ ප්‍රදේශයේ පුද්ගලයකු විසින් කරන ලද පැමිණිල්ලකට අනුව, අල්ලස් ඉල්ලා ලබාගැනීමේ චෝදනාව මත අලවතුගොඩ ගොවිජන සේවා මධ්‍යස්ථානයේ නිලධාරීන් දෙදෙනෙකු 2023.06.05 දින අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත් අඩංගුවට ගනු ලැබින.
අල්ලස් කොමිෂන් සභාවට ලද පැමිණිල්ලකට අනුව රු. 100,000/- ක මුදලක් අල්ලස් ලෙස ඉල්ලා ලබා ගැනීමේ චෝදනාව මත, සපුගස්කන්ද පොලිසියට අනුයුක්ත පොලිස් පරීක්ෂකවරයකු 2023.06.02 වන දින අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරින් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
කොරියානු ජනරජයේ දූෂණ විරෝධී හා සිවිල් අයිතිවාසිකම් කොමිෂන් සභාව (ACRC) විසින් ශ්‍රී ලංකාවේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් වෙනුවෙන් සංවිධානය කරන ලද පුහුණු පාඨමාලාව 2023 මැයි මස 15 දින සිට 19 දින දක්වා පැවැත්වේ.
අල්ලසින් තොර සුපිළිපන්න දේශයක් ගොඩනැගීම උදෙසා ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවේ එක් වැඩසටහනක් ලෙස පොලොන්නරුව දිස්ත්‍රික්කයේ තමන්කඩුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය නිලධාරීන් දැනුවත් කිරීමේ නිවාරණ වැඩසටහන 2022.11.08 වන දින ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පවත්වන ලදී. ඒ සඳහා තමන්කඩුව ප්‍රාදේශීය ලේකම් කාර්යාල නිලධාරීන් 200ක් පමණ සහභාගී වූ අතර අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ දුෂණ නිවාරණ නිලධාරී ශිලාමේඝ වැලිතොටගේ මයා, දුෂණ නිවාරණ නිලධාරී උදේශිකා ජයසේකර මහත්මිය සහ දුෂණ නිවාරණ නිලධාරී චමෝදි ජයසිංහ මහත්මිය මේ සඳහා සම්පත් දායකත්වය ලබා දෙන ලදී.
අල්ලස් නීතියෙහි හැරවුම් ලක්ෂයක් සනිටුහන් කරමින් 2023 ජනවාරි 11 වැනි දින මහාධිකරණය විසින් ලබා දුන් ඓතිහාසික නඩු තීන්දුව, SC/ TAB 1A/2020 and SC/ TAB 1B/2020 ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී, ඉඳිකැටිය හේවගේ කුසුම්දාස මහානාම, හා රාජ්‍ය දැව සංස්ථාවේ සභාපති, පියදාස දිසානායකට එදිරිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව, ඉලක්ක කර ගනිමින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් ශ්‍රී ලංකා එක්සත් ජාතීන් ගේ සංවර්ධන වැඩසටහනේ (UNDP) සහය ඇතිව අත්දැකීම් හා දැනුම හුවමාරු කිරීමේ දෙදින වැඩමුළුවක් 2023 පෙබරවාරි මස 25 හා 26 යන දිනයන්හී කොළඹ ටජ් සමුද්‍ර හෝටලයේ ක්‍රිස්ටල් බෝල්රූම් හී දී සාර්ථක ලෙස සංවිධානය කරන ලදි.
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් 2003 ඔක්තොම්බර් 31 දින එක්සත් ජාතීන්ගේ දූෂණ විරෝධී ප්රඥප්තිය සම්මත කරන ලද අතර රටවල් තිහක අනුමැතිය තුළින් 2005 දෙසැම්බර් 14 දින එය බලාත්මක වන ලදී.වර්තමානය වන විට එක්සත් ජාතීන්ගේ සාමාජික රටවල් බොහොමයක්ම මෙම ප්‍රඥප්තියෙහි පාර්ශවකරුවන් වන අතර ශ්‍රී ලංකාව ද 2004 වසරේ දී එහි මුල් පාර්ශවකරුවෙකු වූ රටවලින් එකකි. දූෂණය හා එය මැඩලීම හා වැලැක්වීම සඳහා වන ප්‍රඥප්තියෙහි කාර්යභාරය පිළිබඳව දැනුවත්භාවය වර්ධනය සඳහා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් දෙසැම්බර් 9 දිනය ජාත්‍යන්තර දූෂණ විරෝධී දිනය ලෙස නම් කරන ලදී.
අල්ලස් කොමිෂන් සභාවට ලද පැමිණිල්ලකට අනුව රු. 50,000/- ක මුදලක් අල්ලස් ලෙස ඉල්ලා ලබා ගැනීමේ චෝදනාව මත, තිඹිරිගස්යාය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්ත බොරැල්ල - දකුණ වසමේ ග්‍රාම නිලධාරිවරිය 2023.03.23 වන දින අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරින් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
විශ්ව විද්‍යාල ප්‍රජාවගේ උපකාර සහිතව ශ්‍රී ලංකාව තුළ අල්ලස හා දූෂණය මැඩලීම සඳහා වන ජාතික ක්‍රියාකාරී සැලැස්ම ක්‍රියාත්මක කිරීමේ හැකියාව සම්බන්ධව සාකච්ඡා සිදුකිරීම සඳහා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හා ශ්‍රී ජයවර්ධනපුර සරසවිය අතර වූ රැස්වීමක් 2022.11.21 දින පැවැත්විණී.
අල්ලස් කොමිෂන් සභාවට ලද පැමිණිල්ලකට අනුව රු. 5000/- ක මුදලක් අල්ලස් ලෙස ඉල්ලා ලබා ගැනීමේ චෝදනාව මත, නුවරඑළිය ප්‍රදේශයේ පදිංචි තැරැව්කරුවෙකු 2023.03.20 වන දින අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරින් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
අල්ලස් කොමිෂන් සභාවට ලද පැමිණිල්ලකට අනුව රු. 200/- ක මුදලක් අල්ලස් ලෙස ඉල්ලා ලබා ගැනීමේ චෝදනාව මත නැගෙනහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියට අයත් කල්මුණේ බස් නැවතුම්පොළෙහි ස්ථාන භාර නිලධාරිවරයා 2023.03.08 වන දින අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරින් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
A 36, මලලසේකර මාවත,
කොළඹ 07, ශ්‍රී ලංකාව.
T+94 112 596360 / 1954