ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය හා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව(CIABOC) අතර වන අධ්‍යාපනික සහයෝගීතාව

විශ්ව විද්‍යාල ප්‍රජාවගේ උපකාර සහිතව ශ්‍රී ලංකාව තුළ අල්ලස හා දූෂණය මැඩලීම සඳහා වන ජාතික ක්‍රියාකාරී සැලැස්ම ක්‍රියාත්මක කිරීමේ හැකියාව සම්බන්ධව සාකච්ඡා සිදුකිරීම සඳහා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හා ශ්‍රී ජයවර්ධනපුර සරසවිය අතර වූ රැස්වීමක් 2022.11.21 දින පැවැත්විණී.

මෙම සාකච්ඡාවේදී ඉදිරිපත් වූ යෝජනා අනුව “සමාජ සාධාරණත්වය පිළිබඳ ලෝක දිනය” පදනම් කරගනිමින් 2023 පෙබරවාරි 20 දින ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය හා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කරන්නට යෙදුනි.අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ සභාපති ගරු විනිසුරු ඊවා වනසුන්දර, කොමසාරිස් II ගරු විනිසුරු දීපාලි විජේසුන්දර, කොමසාරිස් III චන්ද්‍ර නිමල් වාකිෂ්ඨ හා අධ්‍යක්ෂ ජනරාල් ඩබ්.කේ.ඩී. විජේරත්න යන මහත්ම මහත්මීන්ගේ සහභාගීත්වයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ ප්‍රධාන ශ්‍රවණාගාරයේදී එම අත්සන් තැබීම සිදුවිය.ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති (වැඩබලන) මහාචාර්ය උපුල් සුභසිංහ, මානව ශ්‍රාස්ත්‍ර හා සමාජ විද්‍යා අධ්‍යයන පීඨයේ පීඨාධිපති මහාචාර්ය ශිරන්ත හීන්කෙන්ද, මානව ශ්‍රාස්ත්‍ර හා සමාජ විද්‍යා අධ්‍යයන පීඨයේ ආචාර්ය ශාන්ත ගම්ලත් යන මහත්වරුන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය නියෝජනය කරමින් මෙම අවස්ථාවට සහභාගී විය.

මෙම අවබෝධතා ගිවිසුම අනුව විශ්වවිද්‍යාල ප්‍රජාව තුළ සුපිළිපන්නභාවය ප්‍රවර්ධනය හා තහවුරු කිරීම සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා පීඨය සමඟ එක්ව CIABOC විසින් වැඩසටහන් හා ක්‍රියාකාරකම් මාලාවක් ක්‍රියාත්මක කරනු ඇත.මෙම අවබෝධතා ගිවිසුමෙහි ප්‍රධාන අරමුණ වනුයේ දූෂණ ක්‍රියාකාරකම් පිළිබඳව තාරුණ්‍යයේ දැනුම වර්ධනය, විශ්ව විද්‍යාල පද්ධතියේ තරුණ ප්‍රජාව තුළ ප්‍රජා වගකීමක් ඇතිකරවීම හා විශ්ව විද්‍යාල ප්‍රජාව තුළ ඉහළ මට්ටමේ සුපිළිපන්නභාවයක් ඇතිකිරීමයි.

නවතම පුවත්

හඳුනා ගැනීම් හා වැටලීම්

වරදකරු කිරීම්

ජාත්‍යන්තර සබඳතා

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

M+94 767011954

Search