ජාත්‍යන්තර දූෂණ විරෝධී දිනය 2022

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් 2003 ඔක්තොම්බර් 31 දින එක්සත් ජාතීන්ගේ දූෂණ විරෝධී ප්‍රඥප්තිය සම්මත කරන ලද අතර රටවල් තිහක අනුමැතිය තුළින් 2005 දෙසැම්බර් 14 දින එය බලාත්මක වන ලදී.වර්තමානය වන විට එක්සත් ජාතීන්ගේ සාමාජික රටවල් බොහොමයක්ම මෙම ප්‍රඥප්තියෙහි පාර්ශවකරුවන් වන අතර ශ්‍රී ලංකාව ද 2004 වසරේ දී එහි මුල් පාර්ශවකරුවෙකු වූ රටවලින් එකකි. දූෂණය හා එය මැඩලීම හා වැලැක්වීම සඳහා වන ප්‍රඥප්තියෙහි කාර්යභාරය පිළිබඳව දැනුවත්භාවය වර්ධනය සඳහා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් දෙසැම්බර් 9 දිනය ජාත්‍යන්තර දූෂණ විරෝධී දිනය ලෙස නම් කරන ලදී.

ජාත්‍යන්තර දූෂණ විරෝධී දිනය සමරනු වස් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) හා එක්ව 2022 දෙසැම්බර් 09 දින බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී සුපිළිපන් නිලධාරීන්ගේ සමාරම්භක අක්තපත්‍ර ප්‍රධානෝත්සවය පවත්වන ලදී.

2022.11.30 වන විට දූෂණ නිවාරණ ඒකකය විසින් රජයේ නිලධාරීන් උදෙසා පවත්වන ලද දැනුවත් කිරීමේ වැඩසටහන් සංඛ්‍යාව 125 ඉක්මවයි.එම වැඩසටහන් වලින්වැ ඩසටහන් 60ක් පමණම පවත්වන ලද්දේ දිවයින පුරාමප්‍රාදේශීය ලේකම් කාර්යාල වල නිලධාරීන් වෙනුවෙනි.

ජතික ක්‍රියාකාරී සැලැස්ම ක්‍රියාත්මක කිරීමේ එක් පියවරක් ලෙස ඒ සමඟ ප්‍රකාශයට පත් කරන ලද සුපිළිපන්නතා අත්පොතට අනුකූලව රාජ්‍ය ආයතන සඳහා සුපිළිපන් නිලධාරීන් පත්කිරීම මෙම දූෂණ විරෝධී දින වැඩසටහනින් බලාපොරොත්තු විය.ඒ අනුව දිවයින පුරා ප්‍රාදේශීය ලේකම් කාර්යාල 60ක එක් විධායක නිලධාරියෙකු වෙත සුපිළිපන් නිලධාරියෙකු ලෙස අක්තපත්‍ර ප්‍රධානය කරන ලදී.

එදිනම අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් “සුපිළිපන් ද්වාරය” නමින් ඊ-සඟරාවක් ද නිකුත් කරන ලදී.

මෙම විශේෂ අවස්ථාවෙහිදී සමාරම්භක කතාව පවත්වන ලද්දේ ගරු කොමසාරිස් III නිමල් චන්ද්‍ර වාකිෂ්ඨ මහතා විසිනි.සුපිළිපන්නතාව හා වගවීම පිළිබඳව තම කැපවීම යළි යළි තහවුරු කරමින් දූෂණයට එරෙහිව ශක්තිමත් පණිවුඩයක් ඉදිරිපත් කිරීම සඳහා UNDP නියෝජිතයෙකු ද මෙම අවස්ථාවට එක් වන ලදී.දූෂණයෙන් තොර රටක් සඳහා වන තම වගකීම පිළිබඳව අවධානය යොමු කරමින් මෙම අවස්ථාවට සහභාගීවූවන් දෙදෙනෙකු විසින් ද අදහස් දක්වන ලදී. ගරු සභාපති ඊවා වනසුන්දර, ගරු කොමසාරිස් II දීපාලි විජේසුන්දර, ගරු කොමසාරිස් III නිමල් චන්ද්‍ර වාකිෂ්ඨ, අධ්‍යක්ෂ ජනරාල් දමිත් විජේරත්න යන මහත්ම මහත්මීන් සමඟ අමාත්‍යංශ ලේකම්වරුන් හා නියෝජිතයින් ද දිස්ත්‍රික් ලේකම්වරුන් ද මෙම උත්කර්ෂවත් අවස්ථාවට සහභාගී වන ලදී.

1 1

1 1

1 1

1 1

1 1

1 1

1 1

1 1

1 1

1 1

1 1

1 1

1 1

1 1

1 1

1 1

1 1

1 1

1 1

1 1

1 1

1 1

1 1

1 1

1 1

1 1

නවතම පුවත්

හඳුනා ගැනීම් හා වැටලීම්

වරදකරු කිරීම්

ජාත්‍යන්තර සබඳතා

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

M+94 767011954

Search