ශ්‍රී ලංකා අල්ලස් නීතියෙහි හැරවුම් ලක්ෂයක් සනිටුහන් කරමින් මෑතක ලබාදුන් ඓතිහාසික නඩු තීන්දුව (SC/ TAB 1A/2020 and SC/ TAB 1B/2020) ඉලක්ක කර ගනිමින් ටජ් සමුද්‍ර හෝටලයේ දී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ සියලු නිලධාරීන් සඳහා වූ පැවැත් වූ අත්දැකීම

අල්ලස් නීතියෙහි හැරවුම් ලක්ෂයක් සනිටුහන් කරමින් 2023 ජනවාරි 11 වැනි දින මහාධිකරණය විසින් ලබා දුන් ඓතිහාසික නඩු තීන්දුව, SC/ TAB 1A/2020 and SC/ TAB 1B/2020 ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී, ඉඳිකැටිය හේවගේ කුසුම්දාස මහානාම, හා රාජ්‍ය දැව සංස්ථාවේ සභාපති, පියදාස දිසානායකට එදිරිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව, ඉලක්ක කර ගනිමින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් ශ්‍රී ලංකා එක්සත් ජාතීන් ගේ සංවර්ධන වැඩසටහනේ (UNDP) සහය ඇතිව අත්දැකීම් හා දැනුම හුවමාරු කිරීමේ දෙදින වැඩමුළුවක් 2023 පෙබරවාරි මස 25 හා 26 යන දිනයන්හී කොළඹ ටජ් සමුද්‍ර හෝටලයේ ක්‍රිස්ටල් බෝල්රූම් හී දී සාර්ථක ලෙස සංවිධානය කරන ලදි.

නවීන විමර්ශන ශිල්ප ක්‍රම සහ නව නීති සංකල්ප පිලිබඳව නිලධාරීන් ගේ දැනුම හා ධාරිතා සංවර්ධනය කිරීම සඳහා පැවැති මෙම දෙදින වැඩමුළුවේ දී සමූහ සාකච්ඡා වට හතරක් පැවැත් වූ අතර ඒ සඳහා අතිරේක සොලිසිටර් ජනරාල් හා ජනාධිපති නීතිඥ අයේෂා ජිනසේන මෙනවිය, නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ජනක බන්ඩාර මහතා, රජයේ නීතිඥ උදාර කරුනාතිලක මහතා, අපරාධ වාර්තා කොට්ඨාශ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් කුමාර මහතා, රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ සැක කටයුතු ලේඛන පරීක්ෂක ජේ. එම්. ආර්. ජයසුන්දර මහතා සහ අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවේ ඩිජිටල් වෝහාරික විද්‍යාගාරයේ ස්ථානාධිපති, ප්‍රධාන පොලිස් පරීක්ෂක බී. එම්. ඒ. එස්. කේ. සේනාරත්න මහතා සහභාගී විය. මෙම සමූහ සාකච්ඡා මෙහෙයවීම අල්ලස් හා දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ සහකාර අධ්‍යක්ෂ ජනරාල් සුභාෂිනී සිරිවර්ධන මහත්මිය විසින් සිදුකල අතර එ් සඳහා සහකාර අධ්‍යක්ෂ (නීති), අනූෂා සම්මන්දප්පෙරුම මහත්මිය විසින් සහය විය.

මෙම වැඩමුළුව සඳහා අල්ලස් හා දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙනුවෙන් එහි සභාපති ගරු විනිසුරු ඊවා වනසුන්දර මහත්මිය ද, කොමසාරිස්වරුන් වන විනිසුරු දීපාලි විජේසුන්දර මහත්මිය හා චන්ද්‍ර නිමල් වාකිෂ්ට මහතා ද, අල්ලස් හා දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්, මහාධිකරණ විනිසුරු ඩබ්. කේ. ඩී. විජේරත්න මහතා ද, නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නීතිඥවරුන් ද, පැමිනිල්ල මෙහෙය වූ විනිසුරුවරුන් ද, අල්ලස් හා දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභා විමර්ශන නිලධාරීන් හා කොමිෂන් සභාවේ අනෙකුත් අංශ නියෝජනය කරන නිලධාරීන් ද සහභාගී විය.

මෙම සිදුවීමට අදාල විමර්ශනය සිදු කිරීමේ දී නවීන විමර්ශන ශිල්පක්‍රම කිහිපයක් යොදා ගත් අතර ම, නඩු කටයුත්ත මෙහෙය වීමේ දී පැමිනිල්ල මෙහෙය වන විනිසුරුවරුන් ගේ වෘත්තීයමය විශිෂ්ටත්වය ද පිලිබිඹු විය.

කටහඬ හඳුනා ගැනීම විද්‍යාවක් වශයෙන් පිලිගැනීම වැනි නවීන නීති සංකල්ප කිහිපයක් පිලිබඳව ද, උපායකට කොටු කර ගැනීමේ නීතිමය සංකල්පයේ ආවිශ්‍යබව පිලිබඳ ව ද එහි දී දීර්ඝ වශයෙන් සලකා බැලුනි.

ශ්‍රේෂ්ඨාධිකරණ ස්ථිර ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාග වූ මෙම නඩුකටයුත්ත ජය ගැනීම සඳහා විමර්ශක කණ්ඩායම හා විත්තිය මෙහෙය වූ විනිසුරුවරුන් පෙන් වූ නොපසුබට උත්සාහය හා කැපවීම අගය කිරීම ද මෙහි තවත් අරමුණක් විය.

1 1

1 1

1 1

1 1

1 1

1 1

1 1

1 1

1 1

1 1

1 1

1 1

1 1

1 1

1 1

1 1

1 1

1 1

1 1

1 1

1 1

1 1

1 1

1 1

1 1

1 1

1 1

1 1

1 1

1 1

1 1

නවතම පුවත්

හඳුනා ගැනීම් හා වැටලීම්

වරදකරු කිරීම්

ජාත්‍යන්තර සබඳතා

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

M+94 767011954

Search